චූටි මැණිකේට එන ආදර යෝජනා වලට වෙච්ච දේ (photos) GoZZip Lanka



දෙවැනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ චරිතයක්. චූටි මැණිකේ විදියට ඔබ හමුවට එන යොවුන් නිළි ශලනි ප්‍රනාන්දු තමයි 2017 දෙරණ අවුරුදු කුමරිය විදියටත් අභිෂේක ලැබුවේ.

තරගයේ ජයත් සමග නිළි වරම් හිමි වූ මේ සොදුරු යුවතියට 2018 දෙරණ අවුරුදු කුමරිය පළමු වටයේ විනිසුරු මඩුල්ලට එන්නටත් භාග්‍යය උදා වුණා. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශලනිට කලා ජීවිතයේත් පෙඃද්ගලික ජීවිතයේත් හීන ගොඩයි. ඒ ගැන ශලනි කතාබහ කළේ මේ විදිහටයි.
කොහොමද චූටි මැණිකෙට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම ?
ගොඩක් හොදයි. දැන් ගොඩක් අය මට කතා කරන්නේ චූටි මැණිකේ කියලා.
මේ ජනප්‍රියත්වයත් හිමි වුණේ පසුගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය වීම නිසා නේද ?
මම රූ රුජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව. ඉන් ජය ලබන්න හැකිවීමත් ලොකු දෙයක්. ඒ විදියට කිරුළ පළදලා ලැබුණු තෑගි අතර ලොකුම තෑග්ග තමයි දෙවැනි ඉනිමේ පුංචි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණු එක.
තරග ජයෙන් ලැබූ තෑගි වලට අමතරව ඒ විදියට ලැබුණු තවත් තෑගිත් තිබෙනවාද ?
දෙවැනි ඉනිම හින්දා මට ගොඩක් හොද පිරිසක් මුණ ගැහුණා. ඒ අයත් එක්ක දවස ගෙවිලා යන එකත් හරිම සුන්දරයි. ඒ හැමෝම මගේ හොද යහළුවෝ. ඒ වගේම තමයි මේ වන විට Bridle Show රුසකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට සදහාත් ආරාධනා ලැබුණා. ඒ හැමදේම මට 2017 දෙරණ අවුරුදු කුමරිය වීම නිසා ලැබුණු තෑගි.
මොනවගේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සදහා ද ආරාධනා ලැබුණේ ?
ටෙලි නාට්‍ය හතරකටයි චිත්‍රපට තුනකටයි ආරාධනා ලැබුණා. ඒත් මම තවම අධ්‍යාපනය අවසන් කර නැහැ. උසස් පෙළ විභාගයට පෞද්ගලිකව මුහුණ දීමට පාඩම් කරනවා. අධ්‍යාපනයටයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යටයි කාලය වෙන් කලාම වෙනත් දෙයකට යොදන්න මට කාලයක් ඉතිරිවෙලා නැහැ. ඒ හින්දා ලැබුණු නිර්මාණ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.
ඒ කියන්නේ ශලනිව ප්‍රේක්ෂකයන්ට හමුවන්නේ දෙවැනි ඉනිමේ චූටි මැණිකේ විදියට විතරයි ?
ටෙලි නාට්‍යවලදී නම් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. ඒ හින්දා ටෙලි නාට්‍ය භාරගන්න අමාරුයි. හැබැයි හොද චිත‍්‍රපටයක් ලැබුණොත් භාර ගන්නවා. ආරාධනා ලැබූ චිත්‍රපට අතරින් එකකට මම කැමැතියි. සමහර විට ඉදිරියේදී ඊට එකතු වෙන්නත් පුළුවන්.
පසුගියදාක ඔබ රූ රුජින විනිසුරුවරියක් බවටත් පත්වුණා නේද ?
2018 දෙරණ අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තෝරන තරගයේ පළමු වටයේ විනිසුරු මඩුල්ලට එකතුවන්න මටත් ආරාධනා ලැබුණා. එහිදී තරගකරුවන් 30ක් හා තරගකාරියන් 30ක් අපි තෝරාගත්තා. ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න ලැබීමත් මට ලැබුණු තවත් තෑග්ගක්.

රූපයයි ජනප්‍රියත්වයයි හින්දා දැන් ආදර යෝජනා එහෙම ගොඩක් ලැබෙනවා ඇති ?
ෆේස්බුක් හරහා ඒ විදියේ යෝජනා කරන අය ඕනෑතරම් ඉන්නවා. දුරකථන අංකය හොයාගෙන කතා කරලා ආදරය ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒත් ඉතින් යෝජනා ලැබුණාට ඒවා භාරගන්න බැහැනේ. මම තවම ඉගෙන ගන්නවානේ (A/L ). අධ්‍යාපනය නරත කරනකල් ආදරයක් ගැන නම් මම හිතන්නේ නැහැ.

-http://sinhala.lankahitgossip.com







Comments