තම සේවකයාගේ උපන්දිනයට Jacqueline ලබාදුන් අපුරු තෑග්ග (Video) GoZZip Lanka


ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුරූපි තරුණියක් තමයි Jacqueline Fernandez කියන්නේ.

ඇය මේ වන විට බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රිය තරුවක් වී හමාරය.


ඇයගේ සමාජ ජාල ගිණුම් තුල නිතරම දකින්නට ලැබෙන ඇයගේ වේශ නිරූපණ ශිල්පියා Shaan නම් පුද්ගලයෙක්.

පසුගිය දිනක ඔහුගේ උපන්දිනය තිබු අතර Jacqueline ඔහුව පුදුම කලේ අළුත්ම මෝටර් රථයක් ඔහුට තෑග්ගක් වශයෙන් ලබා දීමෙන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඇය තමන්ගේ කාර්ය මණ්ඩලයට හැකි සෑමවිටම තමන්ගේ පවුලේ උදවියට මෙන් සලකන බවයි.

ඇය මේ වනවිට Race 3 හා Kick 2 චිත්‍රපට රූගත කිරීම් සඳහා කාර්ය බහුල වී ඇති බවයි සඳහන් වන්නේ.

Race 3 චිත්‍රපටය අබුඩාබි හී රූගත කෙරෙන අතර ඇය එහිදී අනතුරකට පවා ලක්ව ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.


Comments