- Get link
- X
- Other Apps
හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි.
ඊයේ (19) දහවල් 1.20ට පමණ මෙය සිදුව තිබේ.
මෙම ඇමෝනියා සහිත ටැංකියට වැටුණු පුද්ගලයා බේරා ගැනීම සඳහා ගම්වාසීන් පිරිසක් පැමිණ තිබේ.
එයින් පුද්ගලයින් 15 දෙනෙකු සිහිසුන් වීමෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මිය ගොස් ඇති අනෙක් සිව් දෙනා ගම්වාසීන් වන බව ද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් හොරණ පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- http://sinhala.adaderana.lk
- Get link
- X
- Other Apps


Comments
Post a Comment