ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධක සංගමය විසින් සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අතිඋත්කර්ෂවත් ලෙස මහා බක්මහා ක්‍රීඩා උත්සවයක් සංවිධානය කර තිබුණා.
එය නම් කර තිබුණේ සූර්ය උදානය නමින්.
එම උත්සවට ටීවී දෙරණ නාළිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවැනි ඉනිම නාට්‍යයේ තරු කිහිපයක්ම සහභාගිවී සිටියා.
මෙහි සුවිශේෂීම සිදුවීම බවට පත්වුනේ එම බක්මහ සැණකෙළියේ කඹ ඇදීම සහ කොට්ටාපොර ගැසීමේ තරග වලට ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් ද සහභාගි වී සිටීමයි.
Comments
Post a Comment