හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5 දෙනෙක් මරුට GoZZip Lanka

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී  එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.  

තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන්  හොරණ මුලීක රෝහලට  ඇතුළු කර ඇති අතර  පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)
උපුටා ගැනීම :- http://www.lankadeepa.lk







Comments