හිරුණිකාත් ‘මෛතී‍්‍ර පාලනයකට’ එක්වෙන ලකුණු (Video) GoZZip Lanka


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි පැරණි සාමාජිකයෙක් වන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ආකර්ශනී දේශපාලන චරිතයක් වූවා. සිය පියාගේ ඝාතනයෙන් පසුව ආණ්ඩුවත් වත්මන් පාලනයත් දැඩිව විවේචනය කල හිරුණිකා හිටිහැටියේ සන්ධානයේ සාමාජිකත්වය ලබාගෙන බස්නාහිර පළාත්සභාවට තරඟ කරනු ලැබූවා. මැද
කොළඹ සම සංවිධාකවරියක් වූ ඇය එවර මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කරනු ලැබූවා.
කෙසේ වෙතත් මේ වන තුරුම සිය පියා වෙනුවෙන් කිසිදු සාධාරණයක් ඉටුකරගැනීමට හිරුණිකාට හැකිවූයේ නැහැ. එවැනි පසුබිමක පසුගියදා පොදු අපේක්ෂකයා ලෙස ආණ්ඩුවෙන් ගැලවී සන්ධානයට එක්වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා රාජිත සේනාරත්න මහතාගේ ගුණ යහපක්කම් ගැන ඇය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් නිකුත් කලා. එතකින් නොනැවතී සන්ධාන රජය දැඩිව විවේචනය කල හිරුණිකා කියා සිටියේ මෙවන් අදහසක්,

“මේ විදිහට එක්කෙනා දෙන්නා යන්න ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි විතරයි. ඇත්ත නිල් ලේ තියෙන නිදහස් පාක්ෂිකයෝ හොයාගන්න බැරිවෙනවා තව ටිකක් කල් යනකොට. මේක අපිට ලොකු පාඩමක් උගන්වන සමයක්. අපිට ඉස්සර තිබුනේ සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියලා. අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්,දූෂණ,වංචා…”

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ එම කතාව පහතින්…

-http://gossip.asianmirror.lk/


Comments