ඊයේ සවස 7.30 සිට සිරස TV නාලිකාව ඔස්සේ විකාශයය ආරම්භ කල ‘සටන’ දේශපාලන වැඩසටහන ඩයලොග් TV හා Peo TV ඔස්සේ විකාශන කටයුතු අවහිර කොට තිබුනා. වැඩසටහන ආරම්භයේ සිටම අවසානය තෙක් එය නැරඹීමේ අවස්ථාව එම සේවාවන් මිලදී ගෙන තිබෙන පාරිභෝගිකයින්ට ලැබුනේ නැහැ. පසුව ඔවුන් ශක්ති TV හා MTV Sports නාලිකා ඔස්සේද ‘සටන’ වැඩසටහන විකාශය කිරීම
ආරම්භ කිරීමත් සමඟ ඩයලොග් TV හා Peo TV මඟින් එම නාලිකා වල විකාශ කටයුතුද අත්හිටවනු ලැබූවා.
ඩයලොග් TV හා Peo TV යනු මුදල් ගෙවා රූපවාහිනි නාලිකා නැරඹීමේ ක්‍රමවේදයක් බැවින් එම ආයතනයන්ගේ මෙම කි‍්‍රයාකලාපය එහි ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම මුදල්ද වංචා කිරීමක් කොට තිබෙනවා.
මෙම කප්පාදුවට ප්‍රධානතම හේතුව වූයේ ඊයේ දිනයේ ‘සටන’ දේශපාලන සංවාදයට සහභාගීවූ දේශපාලකයින් සිවුදෙනාය. ඒ අනුව ඊයේ දිනයේ එම වැඩසටහටනට සහභාගී වූයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, පිවිතුරු හෙටක් සංවිධානයේ සභාපති අතුරලියේ රතන හිමි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නය. මෙම දේශපාලකයින්ගේ අදහස් ජනතාව අතරට යෑම වැලැක්වීමේ ප්‍රාථමික උත්සහයක් ලෙස එයට සහභාගී වූ දේශපාලකයින් වැඩසටහන තුළදීම මෙම කි‍්‍රයාදාමය දැඩිව විවේචනය කලේය.
එසේම මීට පෙර අප පල කල පුවතකින් පැවසුනේ ලංකාව තුළ පිවිසීම අවහිර කරන ලද වෙබ් අඩවි ගණනාවකම අවහිරයන් ඉවත් කිරීමට කටයුතු සැලසෙන බවයි. ඊට හේතුව වූයේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානීන් ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවී පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි. නමුත් ඒ වන විට පොදු අපේක්ෂකයා වශයෙන් මෙවන් ප්‍රබල චරිතයක් ඉදිරිපත් වේ යැයි කිසිවෙකු සිතුවේ වත් නැත. දේශපාලන තත්ත්වය උඩුයටිකුරු වී ඇති මෙවන් දේශපාලන තත්ත්වයක් තුළ එම වෙබ් අඩවි සදහා තවත් බොහෝ කලක් යනතුරු කිසිදු සහනයක් හෝ ලැබේ යැයි කිසිදු ආකාරයකින් සිතිය නොහැක.
තහනම් වෙබ් අඩවි නැවතත් කරළියට
විකාශය අත්හිටවූ ‘සටන’ දේශපාලන සංවාදය සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න…Click Here
උපුටා ගැනීම :- http://gossip.asianmirror.lk
Comments
Post a Comment