“මම රඟපාන්න ආවේ ජනප‍්‍රියත්වයට තියෙන ආසාවෙන් කියලා කියනවනම්… ඒක සම්පූර්ණ වැරදි අදහසක්……. හැබැයි මම රඟපාන්න ආවේ මගේ කැමැත්තකින් නම් නෙමෙයි…. ඒක තමයි ඇත්ත…මගේ තාත්තාගේ තියෙන ආසාවටයි මම රඟපාන්න ආවේ…. තාත්තටයි ඕනෙ
“නෑ අහිමිවුණ කිසිම දෙයක් නෑ.. මගේ ජීවිතයට හැම දෙයක්ම ඉහටත් උඩින් ලැබිලා තියෙන්නේ මේ නිළිකම නිසයි..”
“…..මම සිනමාවෙන් ප‍්‍රතික්‍ෂේප වුණානම්… අදටත් මට රඟපාන්න චිත‍්‍රපට ලැබෙන්නේ කොහොමද…? ”පායා එන්න හිරුසේ” චිත‍්‍රපටයෙන් පස්සේ ”සිහිනය දිගේ එන්න” චිත‍්‍රපටයෙ මම රඟපෑවා…… ලඟඳීම තිරගත වෙන්න තියෙන ”ආදරණීය කතාවක්” චිත‍්‍රපටයෙත් මම රඟපානවා. තව චිත‍්‍රපට කිහිපයකටම මට ආරාධනා ලැබිලත් තියෙනවා… රඟපාලත් තියෙනවා…”
“උදයකාන්ත අයියගේ ”පායා එන්න හිරුසේ” චිත‍්‍රපටයෙ රඟපෑවට පස්සෙ තමයි මට ”බොඳ මීදුම්” ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ… ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක් වුණා… ඒ අතරෙම නිල්වලා ආයතනයෙ ”සිහින පියාපත්” ටෙලි නාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා…. ඒ නිසා ආරාධනා ලැබුණත් චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න මට කාලය හොයාගන්න බැරිවුණා… ඊට පස්සේ මට දුව ලැබෙන්න හිටපු නිසා රඟපෑමෙන් තාවකාලිකව ඈත්වෙන්න වුණා. උදයකාන්ත අයියා අලූතින්ම අධ්‍යක්‍ෂණය කරන බහු භූතයෝ 2 ”ගින්දරී” චිත‍්‍රපටයේ මම රඟපානවා.”
”..මට නම් එහෙම දැනෙන්නේ නෑ… තාමත් සංසලා ගැන කතා කරන අය ඉන්නවා. මේ දවස්වල මම ”ආදර දෑසක්” ටෙලි නාට්‍යයේ රඟපාන නිසා… භූමිකා කියලා කතා කරන අයත් ඉන්නවා..”
“මුදල් හම්බ කිරීමේ චේතනාවක්නම් කිසිසේත්ම නෑ…. එහෙමනම් මට රඟපාන්න ඕනේ නෑ… මට මනෝවිද්‍යාව සම්බන්ධ ඩිග්රියක් තියෙනවා. ඒකෙන් හොඳ රැකියාවක් කරන්න පුළුවන්.. මම රඟපාන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි… මම මොන දේ කළත් මගේ ජීවිතයෙ අංක එකදීලා තියෙන්නේ මගේ සැමියා… මගේ දුව හා මගේ පවුල් ජීවිතය වෙනුවෙනුයි.
“නෑ… එයාගෙන් ඒ විදිහෙ කිසිම බලපෑමක් නෑ… එයා කියන්නේ මගේ මේ වයසෙදී…. මගේ තියෙන හැකියාවන් අපතේ යවන්න එපා කියලයි…. බබා ලැබුණට පස්සේ මම අසාමාන්‍ය විදිහට මහත් වුණා….ඒ වෙලාවේ එයාම තමයි මගේ ඇඟපත මේ තත්ත්වයට හදාගන්න මාව උනන්දු කෙරුවෙත්”
”මම මාසයක් ගානෙ සිංගප්පූර් යනවා.. නැත්තම් එයා මාවයි දුවයි බලන්න මෙහෙ එනවා.. ෂූටින් නැතිවුණහම.. අපි තුන්දෙනාම එහෙ ගිහින් එකට ඉන්නවා….”
“මම ගීතයක් ගායනා කෙරුවා කියලා.. ලොකු සද්දයක් දැම්මෙ නම් නෑ. ඒත් ඒක ගැන සමහර මාධ්‍යවලින් කතාකරල තිබුණා….. මම ඒ ගීතය ගායනා කෙරුවෙ ගායනයට සම්බන්ධවෙන අදහසකින් නෙමෙයි… මගෙ හස්බන්ඞ්ගෙ බර්ත් ඬේ එකට දෙන තෑග්ගක් විදිහටයි.. ඒක මමම කියලා ලියවගෙන මමම මුදල් වියදම් කරලා නිර්මාණය කරපු ගීතයක්.”
“ඇත්තටම ඒක මටත් ප‍්‍රශ්නයක්.. ඒ ගීතය ලිව්වේ මගේ හස්බන්ඞ්ගේ මිතුරෙක්.. සංගීතවත් කෙරුවේ භාතියලා… ඒත් දැන් ඒ ගීතය වෙන කෙනෙක් ගායනා කරනවා…”
“නීතිමය පියවරක් ගන්නවානම් ගන්න පුළුවන්… ඒත් මම කැමති නෑ… කලාකරුවෝ කලාකරුවෝ අතර ප‍්‍රශ්න ඇති කරගන්න.. ඒ නිසයි නිහඬව ඉන්නෙ.”
“….එහෙම අයත් ඉන්නවා.. ඒ්ත් මම ආසයි මට ඉරිසියා කරනව නම්… ඒ මොකද ඒ ඉරිසියා කරන්නේ… නිළියක් විදිහට…. බිරිඳක් විදිහට වගේම මවක් විදිහටත් මම සාර්ථක නිසානෙ…”
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment