රූපය වෙනුවෙන් කරන මාසික වියදම කීයද? - කිව්වට විශ්වාස කරන්න Face Wash වලට විතරයි වියදම් කරන්නේ.
ඔබට වඩා ලස්සන සමකාලීන නිළියන් තුන් දෙනෙක්? - උදාරි වර්ණකුලසූරිය විතරයි මතක් වෙන්නේ
රසටම උයන්න පුළුවන් කෑම වර්ගය මොකක්ද? - (පොළොස්/ මාළු ඇඹුල්තියල්) සිංහල කෑම ජාති, එළවළු වර්ග ගොඩක් රසට හදන්න පුළුවන්.
නෙතූ පිරිමැස්ම දන්න ගෘහණියක් වේවිද? - ඔව්. මගේ ජීවිතේ මම තැනක ඉන්නවා නම් එතෙන්ට ආවේ පිරිමැස්ම නිසා
නෙතූට Night Life එකක් තියෙනවද? - තිබුණා, දැන් නැහැ. ඒක වැරදි දෙයක් නෙවෙයි. කාලයකදී හැම දෙයක්ම සීමාවන් යටතේ විඳින්න ඕනේ. (යාළුවන්ගේ පාටීස්) වයසත් එක්ක සීමා වෙනවා.
හෙට රඟපෑම නවත්වන්න වුණොත්? - එක්කෙනෙක්ගෙ ඉල්ලීම මත පමණයි නවත්වන්නේ. ඒත් එහෙම වෙන්නේ නැහැ. කවදාවත් නවතන්නේ නැහැ.
ආදරය දැනෙන්න පටන් ගත්තේ වයස කීයෙදිද? - අවුරුදු 18-19 දී
ප්‍රේමය ප්‍රකාශ කළ යුතුතේ ගැහැනියද, පිරිමියාද? - ඒක දැනුණ කෙනා
ඔබේ පෙම්වතා ඔබ ප්‍රාර්ථනා කළ කෙනාමද? - හිතේ ඉන්න කෙනාම ලැබුණ කෙනෙක් නැතිව ඇති.
පෙම්වතාගේ වෙනත් සම්බන්ධයක් ඔබේ අතටම අහුවුණොත්? - දරාගන්න බැරි දුකක් කෝපයක්, කලකිරීමක් වෙයි
ඔබට පෙම් කරන කෙනා විවාහකයෙක් වුණොත්? - තව ගැහැනියකට දුකක් දෙන්නේ නැහැ මම.
ගැහැනු ළමයෙක් විවාහ විය යුතු වයස කීයද? - වයස ගැන තැකීමක් නැහැ. සුදුසු කෙනා ලැබුණු වයසේදී විවාහ විය යුතුයි.
විවාහය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරනවාද? - ලක්ෂ හතරකට වඩා අඩුවෙන්
විවාහයත් සමග නිළියන්ගේ ආකර්ෂණය අඩුවන බව ඇත්තද?- නෑ… ජොබ් එක හරියට කරනවා නම් විවාහය බාධාවක් නෙවෙයි.
හිත ගිය තැන මාලිගාව හදන්න ඕනෑම දෙයක් අත්හරිනවද? -අනිවාර්යයෙන්ම. හිතගිය කෙනා ඇරෙන්න වෙන කව්ද
ඔයාගේ අනාගත දරු පවුලේ සාමාජිකයන් ගණන කීයද? - පුතාලා දෙන්නෙක් සහ දුවක්.
Comments
Post a Comment