මාලක සිල්වා විදේශය තරුණියට ලිංගික අතවර කරන්න හදලා GoZZip Lanka

malaka පසුගියදා බම්බලපිටියේ රිදම් ඇන්ඞ් බ්ලූස් සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට පෙර අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මනෝජ් මාලක සිල්වා හිරිහැරයට ලත්වූ බි‍්‍රතාන්‍ය ජාතික තරුණියව ලිංගික ක‍්‍රියාවක් සඳහා පෙම්වතාගෙන් පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (11) අධිකරණයට ප‍්‍රකාශ කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බි වාර්තාවන්ට අනුව එම සිද්ධියේ සාක්කිකරුවකු වූ පලිහවඩන රණසිංහ ආරච්චිගේ ජයරත්න යන අය විසින්
එදින රාත‍්‍රියේ සිදුවූ සිදුවීම පිළිබඳව දක්වා ඇති ප‍්‍රකාශයනුත් එම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශනයනුත් මගින් මනෝජ් මාලක සිල්වා නමැත්තා විසින් අදාළ විදේශීය තරුණිය ලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් පැහැර ගැනීමකට ගත් උත්සාහය පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි වැඩිදුරටත් විවෘත අධිකරණයේදී අපරාධ කොට්ඨාසය එලෙස කරුණු ඉදිරිපත් කළේය.

මාලක සිල්වා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසේකර මහතා :
අපිට සුද්දා ගැහුවා. අද වෙනතුරු ඔහුව රිමාන්ඞ් කරලා නෑ. මුළු රටම දන්න මාලකව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට දාලා. කවුරුවත් දන්නැති සුද්දට මොන පෙරඞ් එකක්වත් නෑ. පොලිසිය මාලකට ක‍්‍රියාත්මක කරන නීතියම සුද්දාට ක‍්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? ඇතැම් පොලිස් නිලධාරින් හිතාගෙන ඉන්නේ මේක යටත්විජිත වාදයක් තියෙන රටක් කියලා. හෙට අනිද්දා මේ සුද්දා රටට පැනලා යයි. පොලිසියට ඉදිරිපත් කළ බි වාර්තා දෙකේම තියෙනවා සුද්දා මාලකට ගැහුවා කියලා. ආසියාතික කළු හමට නීතිය ක‍්‍රියාවේ යොදවන්නේ මෙහෙමද?

මාලකට ගැහුවා කියලා මුල් පැමිණිල්ල දැම්මේ ටිරාන් රොමේෂ් කුලතුංග යන අය. ඒ අය අසනීප වුණා. රෝහල්ගත වෙලා හිටියේ. වෛද්‍ය වාර්තා තියෙනා. නෙවිල් සිල්වා කියන පොලිස් නිලධාරියෙක් එයාට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා පොලිසියට එන්න කියලා කට උත්තරයක් දෙන්න. එයා පැමිණිල්ල. දැන් කියනවා ඔහුත් මේකට අවශ්‍ය යැයි කියලා. එදා හිටිය තුන් දෙනෙක් අද අපි ඉදිරිපත් කරනවා. විස්කම් විමලරත්න, රුක්ෂාන් විජේසේකර, ටිරාන් රොමේෂ් කුලතුංග යන ඒ තුන්දෙනා.

අගතියට පත් පාර්ශ්වය වූ ස්කොට්ලන්ත ජාතිකයකු වූ ජේම්ස් ෆ‍්‍රෑන්සිස් හසල් සහ ඔහුගේ පෙම්වතිය වූ බි‍්‍රතාන්‍ය ජාතික බ්ලෙන්ඩා මැකන්සි යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආවේන්ද්‍ර රොද්‍රිගු මහතා :
මං මෙතැනට ආවේ කාටවත් මඩ ගහන්න නමෛයි. මේ ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂිවලට අනුව මේ සිද්ධිය නීතිපතිවරයා වෙත යොමු කිරීමට ඉඩකඩ ලැබෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය ලිංගික අතවරයක් දක්වා ගිහින් තියෙනවා. මේක විදේශික ජාතිකයන්ට වෙච්ච දෙයක්. අපි හැංගිලා නෑ. අපි ආවේ සංචාරයකට. ඒ අය උපන් දිනය සැමරුවා. මගේ සේවාදායකයා ඉංජිනේරුවෙක්.

ඒ ගොල්ලන්ට පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑ. ස්වාමිනි, මේ වන විටත් ඒ අයට මේ සිද්ධියෙන් සමථයක් වෙත යොමු වීමට යැයි කියමින් විශාල පිරිසක් දුරකථන එස්.එම්.එස්. පණිවුඩ පවා එවලා. මේ සිද්ධියට තවමත් සැක කිහිපදෙනෙක් ඉන්නවා. අද වනතුරු ඒ අය හැංගිලා. මේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු වෙලා තියෙනවා මේ වගේම සිද්ධීන් ගැන.



එක සංචාරකයෙක් තංගල්ලේදී මළා.සුදු ජාතිකයා හිතාගෙන ඉන්නේ තමුන්ගේ පෙම්වතිය දෙයියන්ගේ නාමෙට සමූහදූෂණයක් නොවී යන්තම් බේරුණා කියලා. ස්වාමීනි මගේ සේවාදායකයාට එල්ල කරපු ප‍්‍රහාරයෙන් එයා තුවාල ලැබුවා. ඒක ඔප්පු කරන්න සාක්කි තියෙනවා. (නීතිඥවරයා විසින් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සැරසෙයි. ඒ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරු එය වළකාලමින් කරුණු ඉදිරිපත් කරයි.)

නීතිඥ ඇන්ටන් සේනානායක : කුකුළෙක් කපලා ලේ ගාගෙන ඇවිල්ලා පෙන්වන්න පුළුවන්.

නීතිඥ ආවේන්ද්‍ර රොද්‍රිගු : සුද්දාගේ ලේත් රතු පාටයි ස්වාමිනි.

කොළඹ අපරාධ කොට්ඨාසය : ස්වාමිනි, මෙම සිද්ධිය තවම පවතින්නේ විමර්ශන මට්ටමේ. චෝදනා ගොනු කරලා නෑ. අදාළ සී.සී.ටී.වී. දර්ශනවල ඇතුළත් සියලූ දර්ශන අපි ලබන නඩු වාරේදී අධිකරණයට ඉදිරිපත් කරනවා. ගරු ස්වාමිනි, කොළඹ අපරාධ කොට්ඨාසය හතරට නැමෙන්නේ නෑ. ඒක මං වගකීමෙන් කියනවා. අපි එක එක පැත්තට නැමෙන්නේ නෑ. අපි කටයුතු කරන්නේ නීතියේ රාමුවට අනුවයි. දැනට අධිකරණයට ඉදිරිපත් වුණු තුන්දෙනා අපිට අවශ්‍යයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා සැකකාර මාලක සිල්වාගේ ඇප සම්බන්ධව සලකා බැලීම ලබන 18 වැනිදාට කල් තබා එදිනට සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් කළේය.

මේ අතර ඊයේ දිනයේ අධිකරණයේ හෙලිවුයේ ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල සමතයකට පත් කර ගන්නා මෙන් බලපෑම් සහිත දුරකථන පණිවුඩ පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙත ලැබී තිබෙන බවයි.
-http://offair.nethfm.com-

Comments