කොළඹ නව නගර ශාලාවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් තමන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තමන් බව මෛතී‍්‍රපාල සිරිසේන ඇමතිවරයා පවසා සිටියා. එම මාධ්‍ය සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්.
ගුණවර්ධන, සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, අර්ජුන රණතුංග යන දේශපාලඥයින් සහභාගීවී සිටියා.
කෙසේ වෙතත් තත්ත්වය මෙසේ වන විට පොලොන්නරුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩි මහලු සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා හදිසියේම දිවයිනෙන් බැහැරව ඇති බවට තොරතුරු වාර්තා වනවා. අරලිය සහල් සහ සුදු අරලියා හෝටලය ඇතුලු ව්‍යාපාර ගණනාවක හිමිකරු වන ඔහු සහල් අපනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයාද වනවා. මෙවැනි දේශපාලන වටපිටාවක සිරිසේන අමාත්‍යවරයාට හයියක් වීමට සිටින පවුලේ ප්‍රධාන සාධයක් වන ඩඩ්ලි සිරිසේන මෙසේ හදිසියේ විදෙස් ගතවූයේ ඇයිදැයි සිරිසේන ඇමතිවරයාගේ හිතවතුන් විමතිය පලකරනවා.
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment