"අද ශ්‍රීලනිපයේ, හෙට නොඉන්නත් පුළුවන්" GoZZip Lanka

h1
තමන් ඉදිරියේදීත් රට වෙනුවෙන් මීටත් වඩා සේවය කිරීමට කැප වන බවත් වසර 5කට වැඩි කාලයක් සෞඛ්‍ය ආමත්‍යවරයා ලෙස සේවය කල බවත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා බත්තරමුල්ලේ පැවති උත්සවයේදී සභාව අමතමින් ප්‍රකාශ කොට තිබේ. 


"සෞඛ්‍ය ඇමතිවරයා විදිහට අවුරුදු පහකට ආසන්න කාලයක් වැඩකරපු මම ඉතාමත්ම සතුටු වෙනවා ඔබත් සමග මේ අවස්ථාවේ එක්වන්නට ලැබීම පිළිබඳව. ඒක නිසා විශේෂයෙන්ම ඔබ සමග එක්වූ මේ කාල සීමාව තුළ ඔබ සමග සතුටට පත් වෙලා විශේෂයෙන්ම ඔබේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේත් මගේත් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් මම හැමවිටම අද දවසේ වගේම ඉදිරියට අනාගතයේදීත් මීටත් වඩා ඔබට සේවය කිරීමට කැපවෙනවා...මම දැනට ආණ්ඩුවෙන් යන්න තවම තීරණය කරලා නැහැ...නමුත් ඒක ඕන මොහතක වෙනස් වෙන්න පුළුවන්..."

එහිදී වැඩිදුරටත් අදහස් කළ සෞඛ්‍ය ඇමතිවරයා කියා ඇත්තේ තමා දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් ඕනෑම මොහතකදී එය වෙනස් විය හැකි බවත් මෙවැනි පත්වීම් බෙදා දෙන අවසාන උත්සවය මෙය බවත් යනුවෙනි.
-----------------------------------------------------------------------------------------------------------------------------------
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යංශයේ පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවයකට අද දින උදෑසන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා  අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එම ස්ථානයේ රැස්ව තිබේ.

තත්වය එසේ තිබියදී අද (21) පෙරවරු 11.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහාද මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා මේවන තෙක් පැමිණ නැතැයි වාර්තා වේ.

සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේ දී කෙහෙළිය රඹුක්වැල්ල අමත්‍යවරයා අදහස් පළ කළ කොට තිබුනේ මෙලෙසිනි.

"මැතිවරණ කාලවල බොහෝ ප්‍රචාර පළ වෙනව. කටකතා පැතිර යනවා, පෙළක් වෙලාවට ඒවා යථාර්ථයක් බවට පත් වෙනවා, ඉතින් ඒ ඔක්කොම මේ ඉදිරි දින දෙක තුළ බලා ගන්න පුළුවන්"

-http://offair.nethfm.com/-






Comments