මිස් ශී‍්‍ර ලංකා තරඟයෙන් ජයග‍්‍රහනය කර බොලිවුඩයට පා තැබූ ජැකලින් ෆර්නෑන්ඩස් රංගනයට අමතරව ව්‍යාපාර කටයුත්තක් මුලින්ම ආරම්භ කලේ ලංකාවෙදී. ඒ ‘Independence Arcade’ හී විවෘත කල ‘කෑමසූත‍්‍ර‘ අවන්හලෙන්. දැන් ජැකලින්ගේ සූදානම ඉන්දියාවෙත් අවන්හලක් ආරම්භ කරන්නයි.
බොලිවුඩ් ආරංචි මාර්ග වලට අනුවනම් මේ දවස් වල ජැකලින් අවන්හලකට ගැලපෙන තැනක් හොයනවලු. ඇය සැලසුම් කරන විදිහටනම් මේ අවන්හලෙන් ඉදිරියේදී කාබනික ආහාර
ලබාගන්න අවස්ථාවද ලැබෙනවලු.
“මම මේ අවන්හලට සුදුසු තැනක් සොයමිනුයි සිටින්නේ. මොකද මේක කාබනික ආහාර වලට විශේෂ උනු අවන්හලක් විතරක් නෙවෙයි. මම මෙහි යෝග අභ්‍යාස වැඩසටහනකුත් පවත්වන්න හිතුවා. ඒ නිසයි අවන්හලේ පිහිටීම ගැන මේ තරම් වද වෙන්නේ…”
තමන්ගේ අලුත් ව්‍යාපරය ගැන එහෙමයි කිව්වෙ.
ඇය රඟපෑ ‘Kick’ චිත‍්‍රපටය පසුගිය කාලයේ සාර්ථකව තිරගතවුනා. දැන් ඇයට හොලිවුඩයට පා තබන්නත් අවස්ථාව හිමි වෙලා. ඒ අධ්‍යක්ෂක ජේම්ස් සිම්සන්ගේ ‘ඩෙෆිනීෂන් ඔෆ් හියර්’ චිත‍්‍රපටයෙන්.
කෙසේ වෙතත් පසුගියදා එක් පාරිභෝගිකයෙකු පැමිණිලි කර සිටියේ කොළඹ පිහිටි කෑමසූත‍්‍ර අවන්හලෙන් ආහාර ගත් ඔහුට කෑම පිඟනේ සිට පණුවෙකු හමුවූ බවයි. එම සිදුවීම පිළිබදව ඡායාරූප සමඟින්ම කෑම සූත‍්‍ර නිල Facebook පිටුවේද ඔහු පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුනා. එම ඡායාරූප පහතින්,
-gossip.asianmirror.lk-
මීට මාස කිහිපයකට විවෘත කල කෑම සූත‍්‍ර අවන්හලේ ඡායාරූප කිහිපයක් පහතින්,
Comments
Post a Comment