ජනප්රිය ටෙලි නිළියක් වන මේනකා පීරිස් එළැඹෙන 27 වනදා විවාහ වීමට නියමිත බව වාර්තා වෙනවා. කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන විවාහ උත්සවයට ක්ෂේත්රයේ ළඟම හිතවතුන් පිරිසක් පමණක් සහභාගී වන බවයි ආරංචි වන්නේ.
මේනකාගේ විවාහ ගිවිස ගැනීමද ඉතාමත් අප්රසිද්ධියේ පැවති අතර පවුලේ අය පමණක් එම අවස්ථාවට සහභාගී වූවා.
දැනට නොර්වේ හී සේවය කරන ඇගේ පෙම්වතා විවාහය නිමිත්තෙන් ලංකාවට පැමිණ තිබෙනවා. විවාහයෙන් අනතුරුව මේනකා රංගන කටයුතු වලින් තරමක් ඈත්වේ යැයි ඇයගේ ළම හිතවතුන් පවසනවා.
Comments
Post a Comment