රූපවාහිනි ආයතනයක් කාන්තාවන්ගෙන් සමාව අයැදියි (Video) GoZZip Lanka


_78252136_womancleaning
 ඔස්ටේ‍්‍රලියාවේ චැනල් ටෙන් රූපවාහිනි නාලිකාව ලොවපුරා වෙසෙන කාන්තාවන්ගෙන් සමාව අයැද සිටිනවා. ඒ කාන්තාවන්ට අපහස වන පරිදි රූපවාහිනී වැඩසටහනකදී ඇසූ ප‍්‍රශ්නයක් හේතුවෙන් ලොවපුරා ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන්.

මෙම මතභේදාත්මක ප‍්‍රශ්නය අසා ඇත්තේ පවුල ඉලක්ක කර ගත් වැඩසටහනකදීයි. එහිදී කාන්තාවගේ කාර්යභාරය හෝ රැකියාව කුමක් දැයි ඇසූ ප‍්‍රශ්නයකට නිවැරදි පිළිතුරු ලෙස එහිදී ඉදිරිපත් කර තිබූ ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ වළං පිගන්
සේදිම යන්නයි.

එය විකාශයවීමත් සමග ලොවපුරා විශාල පිරිසක් සමාජ වෙබ් අඩවි ඔස්සේ සහ අන්තර් ජාලය ඔස්සේ අදාළ රූපවාහිනි ආයතනයට සිය විරෝධය පළ කර තිබුණා.

එම ප‍්‍රශ්නය, ස්තී‍්‍රත්වය පහත් කොට සැලකීම හා ලිංගිකත්වය මත වෙනස්කම් සිදුකළ අවස්ථාවක් ලෙසට ඔවුන් චෝදනා කළා. පසුව අදාළ රූපවාහිනි ආයතනය සමාව අයැදමින් කියාසිටියේ ස්ති‍්‍රන්ට අපහස කිරීම සිය අරමුණ නොවූ බවයි.

Comments