ලස්සන කරන දොස්තරගේ Saloon එක ආයෙමත් ඇරේ GoZZip Lanka


බම්බලපිටිය වජිර පාරේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය දොස්තර නිමල් ගමගේට සිය රූපලාවණ්‍යගාරය යළි විවෘත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා අවසර ලබා දුන්නා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහාබ්දීන් මහතා විසින් අද 03 නඩුව කැදවූ අවස්ථාවේදීයි. රූපලාවන්‍යාගාරයේ යතුර ඔහුට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා බම්බලපිටිය පොලීසියට නියෝග කළා.
ඔහුගේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් බොරුල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක මිය යෑමේ සිද්ධියෙන් පසු ඔහුගේ සායනයට අධිකරණය සීල් තබනු ලැබූවා.
ඔහුගේ නීතීඥවරයා පැවසුයේ දොස්තර ගමගේ රූපලාවණ්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා ඇමෙරිකාවේ පුහුණුව ලබා ඇති බවකි. දොස්තර ගමගේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් නීතිපතිපති උපදෙස් පතන බවද පොලිසිය අධිකරණයට දැන්වා සිටියා.
අදාල සැත්කමේදී මියගිය වෛද්‍යවරියගේ ඡායාරූප කිහිපයක් පහතින්,

-http://gossip.asianmirror.lk-
01 02 03

Comments