ගායන ලෝකයේ තාරුණ්‍ය කලඹාගෙන සිටි සෙලීනා ගෝමස්ට දැන් පැහැදිලි අභියෝගයක් තියෙනවා. ඒ මෙතෙක් කලක් රැකගෙන සිටි සිය කිරුළ නවක ගායිකා අරිආනා ග්‍රැන්ඩේ නිසා අහිමිව යාමයි. මේ වන විට ගායිකාවන් අතරින් ළාබාලතම ගායිකාව වන්නේ අරිආනා ග්‍රැන්ඩේ වන බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ. මීට වසර 06කට පෙර ගායන ක්ෂේත්රයට පැමිණි අරාආනා මේ
වන විට වයස අවු. 21 ක තරුණියක්. ගායන හැකියාව පමණක් නොව රංගන හැකියාවද ඇයට ලැබී තිබීම ඇය ඉක්මනින් ජනප්‍රිය වීමට හේතුවක්. එමෙන්ම රූපයෙන්ද ඇයට කිසිම අඩුවක් නැහැ.
ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ ‘Snowflake, The White Gorilla’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවා. ඊට අමතරව 2013 වර්ෂයේදී ‘Swindle’යන චිත්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවා.
ආරිආනා මුල්ම වශයෙන් දායක වූයේ රූපවාහිනී වැඩසටහන් සඳහාය. ඇය විසින් Nickelodeon රූපවාහිනී ආයතනයේ ‘Cat Valentine’ යන වැඩසටහන් මාලාව ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව 2011 වර්ෂයේදී ඇයගේ කුළුඳුල් ගීත ඇල්බමය වන ‘Yours Truly’ ගීත ඇල්බමය එළිදැක්වූවා.
එම වර්ෂයේදී U.S. Billboard 200 හි හොඳම ඇල්බය ලෙසද එය තේරී් පත්වුනා. ඇගේ දෙවැනි ඇල්බමය වන ‘The Way’ නම් ගීත ඇල්බමය Billboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී් පත්වුනා. ඇගේ 2013 වර්ෂයේදී පටිගත කරනු ලැබූ ‘My Everything’ ඇල්බයේ ගීත 02ක් වන ‘Break Free’ සහ ‘Problem’යන ගීත සඳහා 2013 American Music Awards හිදී ‘New Artist of the Year’ යන සම්මානයද හිමිවුනා.
2013 වර්ෂයේ පටිගත කරනු ලැබූ ඇල්බමයක් වන ‘My Everything’ එළිදක්වනු ලැබූවේ 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී. එම ඇල්බමය එළිදැක්වීමෙන් පසු ’40th People’s Choice Awards’ හිදී ‘Artist of the Year’ යන සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා.
අරිආනා තම ක්ෂේත්රයේ වඩාත් ආදර කරන ගායිකාවන් වන්නේ මිලී සයිරස්, ඉගී අසේලියා සහ රිහානාය. ඇය ඒ සඳහා හේතු දක්වන්නේ ඔවුන්ගෙන් ඇයට ලැබෙන ආදරයයි. ඇයගේ පෞද්ගලික ජීවිතයේ ළඟින්ම ඇසුරුකරන පිරිමි ළමයෙකු සිටින නමුත් ඇය පවසන්නේ ඔහු ඇයගේ පෙම්වතා නොවන බවයි.
ජායී බෲක්ස් නම් එම තරුණයා Youtube හී සේවය කරන්නෙකු බව ඇය පවසනවා. මෙම වර්ෂයේ මැයි 01 වැනි දින අන්තර්ජාලය වෙත මුදාහැරුණු ඇගේ ඡායාරූපයක් හේතුවෙන් අරියානා පිළිබදව විවිධ කටකතා පැතිර ගියා. එම ඡායාරූපයේ තිබුනේ බෲක් විසින් අරිආනාව සිපගන්නා දසුනකි.
නමුත් කාලයක් යෑමේදී මෙම කටකතාව වෙනස් වී ආරිආනාගේ පෙම්වතා වන්නේ ජස්ටින් බීබර් බවට මත පළ වුනා. එයට හේතුව අරිආනා ජස්ටින් බීබර් සමග සිපගන්නා ඡායාරූප පළවීම නිසයි.
මෙම ඡායාරූප හුටපට නිසාවෙන් එකල බීබර් සහ සෙලීනාගේ ආදර සම්බන්ධතාවද දෙදරා යන්නට ඇතැයි විදෙස් කලා තොරතුරු වාර්තාකරනවා. කෙසේ නමුත් ජස්ටින් බීබර්ගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ අරිආනා නැත්තේම නැති බවයි ඔවුන් පවසන්නේ.
Comments
Post a Comment