නලීන් පෙරේරා නවක නිළියක් වන සෙනාලි ෆොන්සේකාට
මඟුල් කපුකමක් කර ඇතිබවට රාවයක් පැතිර ගියා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද
කියලා දන්නේ නලීන්ම නිසා ඒ ගැන නලීන්ගෙන් අහපු ප්‍රශ්න වලට ඔහු දීපු උත්තර
තමයි මේ…
නලීන් දැන් මඟුල් කපුකම් කරනවා නේද?
ඔව් දැන් කපුකම් වැඩ භාරගන්නවා. මගේ අලුත්ම ගීතය ‘බඹා කෙටූ හැටි’ මේ ගීතය පද රචනය කළේ කැළුම් ශ්‍රීමාල්. තනුව මගේ. රූපරචනය කළේ ස්ටූඩියෝ ‘යූ’ මේ ගීතය ගායනා
කරන්නේ අපේ කණ්ඩායම. ඒ කියන්නේ මේරියන්ස්. වීඩියෝ එකේ මඟුල්
කපුවා මම. ඒකයි මේ දවස්වල මම කපුවෙක් වෙලා ඉන්නේ.ඔව් දැන් කපුකම් වැඩ භාරගන්නවා. මගේ අලුත්ම ගීතය ‘බඹා කෙටූ හැටි’ මේ ගීතය පද රචනය කළේ කැළුම් ශ්‍රීමාල්. තනුව මගේ. රූපරචනය කළේ ස්ටූඩියෝ ‘යූ’ මේ ගීතය ගායනා
කපු මහත්තයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර හුඟක් හොඳයි. ඇත්තටම ප්‍රතිචාර විවිධයි. ෆේස්බුක් ගිණුමට සමහර අය අදහස් දක්වලා තියෙනවා. ඒ හැම අදහසකම තියෙන්නේ මේ ගීතය හොඳ මට්ටමක තියෙනවා කියලයි. ඒ වගේම ගීත අතරට වෙනස් අත්දැකීමක් එකතු කරාම හුඟක් අය ප්‍රශංසා කරලා තිබුණා. ප්‍රතිචාර බැලුවාම හිතෙනවා අපේ උත්සාහය අති සාර්ථකයි කියලා.
මේරියන්ස් සංගීත කණ්ඩායමට වැඩිපුරම ඇරයුම් ලැබෙන්නේ මංගල උත්සවවලට. ඒ නිසාම ‘බඹා කෙටූ හැටි’ ගීතයට හොඳ ඉල්ලුමක් ඇති?
ඔව්. හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් හැම මංගල උත්සවයකදීම ඒ ගීතය ගායනා කරන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ වගේම මංගල උත්සවවලට සම්බන්ධ වෙන සියලුම දෙනා වයස් භේදයකින් තොරව ගීතයට නටන්නත් එකතු වෙනවා.
රූප රචනයට හැත්තෑව දශකයේ පෙනුම යොදාගන්න හිතුවේ ඇයි?
මේරියන්ස් කියන්නේ නිතරම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන සංගීත කණ්ඩායමක්. ගීතයට ගැළපෙන විදිහට රූප රචනය කරන්න ඕන. ඒ දේ අපි කළා. මේ සින්දුව අහලා ස්ටූඩියෝ ‘යූ’ මට කිව්වා සින්දුවට වීඩියෝ එකක් කළොත් හොඳයි නේද කියලා. ඊට පස්සේ තමයි මගේ අදහස් එක්ක ඔය වීඩියෝ එක කළේ. අපි ගොපල්ලව මහත්මයාගේ ගෙදර තෝරාගත්තා. ඒ ගෙදර අවුරුදු දෙසීයක් විතර පරණයි. අපිට ගොපල්ලව මහත්මයාගේ ගෙදර හැමෝම උදව් කළා. ඔවුන්ට ස්තූති කරන්න ඕන. ඒ වගේම හැත්තෑව දශකයට ගැළපෙන විදිහට ඇඳුම් පැලඳුම්, පරිසරය, යානවාහන, සංගීත භාණ්ඩ පවා හැදුවා.
ලොකු වියදමක් යන්න ඇති?
ඇත්තටම හැත්තෑව දශකයේ පෙනුම ගන්නවා කියන්නේ ලෙහෙසි කාරණයක් නෙවෙයි. විශාල වියදමක් ගියා. රුපියල් මිලියනයකට වැඩියි.
මේරියන්ස් සංගීත කණ්ඩායම ගීතයකට රූප රචනයක් කළේ වසර පහළොවකට පසුවයි?
අපිට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම වැඩ හොයාගෙන යෑමේ අවශ්‍යතාවක්වත් වැඩවලින් අඩුපාඩුවක්වත් තවම මතුවෙලත් නැහැ. ඒ නිසා ගීතවලට රූප රචනය කරලා අමුතුවෙන් ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ නිසා ගීතවලට රූප රචනය කළේ නැහැ. ඒත් මේ ගීතය ලස්සන නිසා ආකර්ෂණීය වැඩක් කරන්නත්, අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට දෙන්නත් අපි හිතුවා.
සංගීත ක්ෂේත්රයේ ආදරණීය ගීතවලට වැඩි ඉල්ලුමක් තියෙන කාලේ ‘බඹා කෙටූ හැටි’ වගේ බයිලා රිද්මයේ ගීතයක් එළිදක්වන්න විශේෂ හේතුවක් තියෙනවාද?
තේමාව කාලෝචිතයි. වචන ලස්සනට හසුරුවලා තියෙනවා. බයිලා කිව්වාට නිකම්ම බයිලා නෙවෙයි මේ ගීතයේ තියෙන්නේ. නියම බයිලා රිද්මය. සංගීත ක්ෂේත්රයට එකතුවෙන ගීත දිහා බලද්දී දකින්න, අහන්න ලැබෙන්නේම අඬන ගී. කොල්ලා අඬාගත්ත ගමන් ඉන්නේ. ඒ ගීතවලින් පිරිමිකම නැති කරලා කියලා හිතෙනවා. ඒක ඇත්තටම දැන් ව්‍යාපාරයක් වෙලා. අපිට ඕන වුණා ඒරැල්ලෙන් පිට පනින්න. අපි ඒ දේ කළා. ඔය රැලිවලට බිහිවෙන ගීතවලට වඩා දැන් අපේ බයිලා ගීතය මුළු ලෝකය පුරාම ජනප්‍රියයි.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ ‘මේරියන්ස් එකොස්ටිකා’ කවදාද එළිදක්වන්නේ?
අපේ සංගීත කණ්ඩායමේ 26 වැනි සංවත්සරය යෙදෙන්නේ ලබන වසරේ පෙබරවාරි 11දා. 25 වැනි සංවත්සරය නිමිති කරගෙන තමයි ඩී.වී.ඩී. තැටිය නිර්මාණය කළේ. පහයි දශම එක තාක්ෂණයේ හෝම් සිස්ටම් එකට මේ තැටිය නිර්මාණය කළේ. ඒ වගේම බ්ලූරේ තැටියක් හරහා ශ්‍රී ලාංකිකයන්ට ගීත එකතුව ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වෙනවා. ළඟදීම ඒ අත්දැකීම අපේ රසිකයන්ට අත්විඳින්න පුළුවන්.
-http://gossip.asianmirror.lk-
Comments
Post a Comment