ඉන්දියාවෙන් සිගරට් පැකට්ටුවම වැහෙන්න අවවාද GoZZip Lanka


සිගරට් පැකට් මත 80% ක් ආවරණය වන අයුරින් රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම 2014 පෙබරවාරි 19 වැනිදා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේදී ඒකඡන්දයෙන් සම්මත වුනා. නමුත් වරින් වර ඒ පිළිබදව මතභේදාත්මක තත්ත්වයන් ඇතිවී අනතුරුව උසාවි කි‍්‍රයාමාර්ගයක් දක්වා එය දිග් ගැසුනා. එහිදී අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එළැඹෙන දෙසැම්බර් 31 වැනිදායින් පසුව 60 ක රූපමය අවවාද වලින් තොරව සිගරට් පැකට් නිෂ්පාදනය නොකරන ලෙසයි.


නමුත් මීට එහා ගිය තීරණයක් ඉන්දියාව විසින් ගෙන තිබෙනවා. එනම් සිගරට්වලින් පිළිකා ඇති වන බව දැක්වෙන අවවාදාත්මක රූප හා වැකි ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණ සිගරට් පැකට්ටුවම පාහේ ආවරණය වන පරිදි සිදුකළ යුතු බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබීමයි. එහිදී දුම්කොළ සමාගමේ ප්‍රචාරණය වෙනුවෙන් 15% ක ඉතා සුළු ඉඩක් පමණක් වෙන්වන බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පවසනවා.
දැනට ඉන්දියාව තුළ මෙසේ අවවාදාත්මක රූප හෝ වැකි සටහන් වන්නේ සිගරට් පැකට්ටුවෙන් 20 ක ප්‍රමාණයක පමණයි.

සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සදහන් කිරීම පිළිබදව මෙරටද විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. නමුත් ඇතැම් අය අදහස් දක්වන්නේ එය පල රහිත කි‍්‍රයාවක් බවයි. නමුත් එය ඉතා වැදගත් තීරණයක් බවටයි පිළිකා සරණ සංගමය පවසන්නේ, එයට හේතු රැසක් ඇති බවට එහි සභාපති වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතා පවසනවා.
රූපමය අවවාද සිගරට් පැකැට්ටු මත දැක්වීමේ වැදගත්කම කුමක්ද?
රූපමය අවවාද සිගරට් පැකට්වලට දාන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා,
1.හැම දවසකටම අලුතින් සිගරට් බොන්න පෙළෙඹෙන පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ පිරිස 50 – 60 ක් විතර. මේ රූපමය අවවාද නිසා මේ සංඛ්‍යාව අඩුකරගැනීමේ හැකියාව තිබෙනවා.
2.දැනට සහ අලුතින් සිගරට් භාවිත කරන අයටත්, අයිතියක් තිබෙනවා ඔවුන්ට සිදුවන හානිය දැනගැනීමට. ඒ අයිතිවාසිකම මෙමගින් ආරක්ෂා වෙනවා.
3.සිගරට් කොම්පැනි බලාපොරොත්තු වෙන්නෙ තරුණ වයසේ අය ඔවුන්ට නතු කරගන්නයි. ඒ නව යොවුන් වයසේ අය අත්හදා බැලීමක් ලෙස සිගරට් පානයට යොමුවීම වළක්වාගැනීමට රූපමය අවවාද ඊට එක්කිරීමෙන් හැකියාව ලැබෙනවා.
4.කාන්තාවන් සිගරට් පානයට යොමුවීම මෙමගින් අවම කරගන්න පුළුවන්
5.ඒ වගේම කවදාවත් සිගරට් නොබොන අය මෙම රූපමය අවවාද නිසා තවත් ඒකට විරුද්ධ වෙනවා.
6.බොන අයත් මේවායේ තිබෙන රූප නිසා ගෙවල් තුළදී බීම අඩුවෙනවා. මොකද, ගෙදර අය ගොඩක් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙන නිසා
7.ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් ඉදිරියේ සිගරට් බොන තාත්තලා නවත්වනවා. මොකද රූපමය අවවාදවලින් ඒවා අහිතකර බව තේරුම්ගන්න නිසා.
8.මේවා දැක්කම සිගරට් බොන්න මිනිස්සු ලැජ්ජා වෙනවා.
9.මේ රූප නිසා සිගරට් අලෙවි කිරීමට ලැජ්ජා වෙනවා.
10. බොහෝදුරට සිගරට් බොන්නෙ අඩු ආදායම්ලාභී අඩු සාක්ෂරතාවක් තියෙන උදවිය. ඒ අයට ලියූ දේ නොතේරුණත්, රූප දැක්කම වැටහෙනවා. ලිංගික බෙලහීනතාවය, පිළිකාව, ළමයෙක් පණ අදින රූප වැනි දේ දුටුවම වචන දහසකින් කිවයුතු දේ ඒ අය වහාම තේරුම්ගන්නවා.
11.සිගරට් එකක් බොන එක නවත්වන්න හිතේ තියෙන මිනිස්සු මේ රූප දකින්න දකින්න සිගරට් බීම නවත්වන්න තිබෙන උවමනාව වැඩිවෙනවා.
12.සිගරට් පැකට් එකක් අරගෙන එක සිගරට් එකක් බොන කෙනෙක් දවසකට පැකට් එකක් බොනවානම් ඔහු මාසෙකට මෙම රූපමය අවවාද 7800 පමණ වාරයක් දකිනවා. මාසෙකට 7800 පාරක් එකම අවවාදය ඔළුවට ගියාම, කල් යද්දි මාසෙට පැකට් එකක් බොන එක, එක සිගරට් එකට අඩුවෙනවා.
මෙය තමයි සමාජයට සෞඛ්‍ය අධ්‍යාපන පණිවුඩයක් ගෙනයාමේ හොඳම ක්‍රමවේදය. පාරිභෝගිකයාට පණිවිඩයක් ලබාදීමේ අවසාන සහ වටිනාම අවස්ථාවත් මේකයි. මෙය අනතුරු ඇඟවීමක් විදිහට ඉතා හොඳ බව විද්‍යාත්මකව තහවුරුකරගත් දෙයක්. එනිසා රූපමය අවවාද ඇතුළත් කිරීම අතිශය වැදගත්.

-http://gossip.asianmirror.lk-

2(529) 3(363) 100425578_terry3_248573c Cigarettes_brazil

Comments