සිනමා නිළි සේමිණී ඉද්දමල්ගොඩත්, ප්‍රවීන සිනමා නිළි දමිතා අබේරත්නත් අතර පසුගිය කාලය පුරාවටම පැවති කෙහෙවලු පටලවා ගැනීම අද (14) දිනයේ උසාවියෙන් කෙළවර උනා. පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දමිතාත් සේමිණීත් එකිනෙකාට දරුණු වාග් ප්‍රහාර එල්ල කලා. එහි අවසානය වූයේ දෙදෙනාම අපහාසයන් සම්භන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමයි.
කාලයක් තිස්සේ දිග්ගැස්සුන මෙම නඩුව අද විභාගයට අවස්ථාවේදී සේමිණි ඉද්දමල්ගොඩ විසින් ඉවත්කරගෙන තිබෙනවා. ඒ ඇය දමිතාගෙන් රුපියල් මිලියන 500 ක අපහාස වන්දියක් ඉල්ලා ගොනුකර තිබූ නඩුවයි. සේමිණී අනුව යමින් දමිතා අබේරත්නද අපහාසය සම්භන්ධයෙන් සේමිණීගෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා පවරා තිබූ නඩුවද ඉල්ලා අස්කර ගත්තා.
මේ අතර මීට පෙර අවස්ථාවකදී දමිතා අබේරත්න පුවත්පතකට පවසා තිබුනේ සේමිණි තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් නම් තමන්ට වන්දි මුදල අවශ්‍ය නැතැයි කියාය. තමන් ඇයට කිසිදු අපහාසයක් කර නැති බැවින් සේමිණි පැවරූ අසත්‍ය නඩුව වෙනුවෙන් ඇය ඉල්ලා සිටි වන්දිය සමාවක් මගින් මෙසේ ප්‍රතික්ෂේප කරන බවයි දමිතා පවසා සිටියේ. එමෙන්ම සේමිණීද සතිඅන්ත පුවත්පතකට පවසා තිබුනේ දමිතා සමාව ගතහොත් තමාද නඩුව අත්හරිනා බවයි. අධිකරණයට හෝ මාධ්‍ය ඉදිරියේදි දමිතා ප්‍රසිද්ධියේ සමාව ගතහොත් තමාට වන්දි මුදලක් අවශ්‍ය නොවන බව සේමිණි එහිදී පවසා තිබුනා.
Comments
Post a Comment