ඇන්කර් කිරිපිටි කාණ්ඩ කිහිපයක නිෂ්පාදනය තාවකාලිකව බෙදාහැරීම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ඇන්කර් ආහාර නිෂ්පාදන භාවිත කළ තිදෙනකුට ආහාර විෂවීම හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ තහවුරු වනතෙක් කාණ්ඩ කිහිපයක නිෂ්පාදන බෙදාහැරීම මෙසේ නතර කල බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසනවා.
මේ අතර තහනම් කර ඇති ෆොන්ටෙරා ආයතනයේ නිෂ්පාදන වැලිසර ලංකා මිල්ක් ෆුඞ් පෞද්ගලික සමාගම මගින් මිලදී ගැනීමට කටයුතු කරගෙන යනබවට තොරතුරු වාර්තා වෙනවා. මේ කිරිපිටි යොදා ගෙන ‘ලක්ස්පේ‍්‍ර’ නමින් නැවත එම කිරිපිටි වෙළදපොළට නිකුත් කිරීමට යන බවයි පැවසෙන්නේ.
-http://gossip.asianmirror.lk-
Comments
Post a Comment