අහසින් යන පාරවල් දෙකක් කොළඹට GoZZip Lanka


එදිනෙදා කටයුතු කරගැනීමට කොළඹ නගරයට යන ඕනෑම පුද්ගලයෙක්ට කොළඹ නගරය කියූ සැනින් මතකයට එන්නේ අධික මාර්ග තදබදයයි. එසේ පවතින කොළඹ නගරයේ දැඩි වාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රධාන මාර්ග වලට ඉහළින් කණු මතින් දිවෙන මාර්ග දෙකක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් වනවා.
එක් මාර්ගයක් කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ
කොටුව දක්වාත් අනෙක් මාර්ගය රාජගිරිය HSBC බැංකුව අසල සිට වෙස්ලි විද්‍යාලය දක්වාත් ඉදිකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

කැළණිතිස්ස විදුලිබලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවන මාර්ගයේ දුර කිලෝ මීටර් 06 ක් වෙනවා. මෙය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300 ක පමණ මුදල් වැයවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු  ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතයි. කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ වරාය අසලින් කොළඹ කොටුව දක්වා ඉදිකරන නව මාර්ගය ඉදිකිරීම් අවසන්වූ පසුව, බේස්ලයින් මාර්ගයේ ගමන් නොකර මෙම මාර්ගය ඔස්සේ කොළඹ කොටුවට ගමන් කිරීමට පහසුකම් හිමිවනවා.

අධික වාහන තදබදයක් තිබෙන බොරුල්ල, රාජගිරිය, බත්තරමුල්ල යනාදී ප‍්‍රදේශවල වාහන තදබදය අවම කිරීමට දෙවන කණුමත මාර්ගය ඉදිවනවා. රාජගිරියේ සිට බොරැුල්ල දක්වා ඉදිවන එම මාර්ගයේ දුර කිලෝ මීටර් 04 ක් වන අතර එහි ඉදිකිරීම්ද ලබන වසරේදී ආරම්භ කිරීමට මේවන විට සැලසුම් කර තිබෙනවා.

Comments