බීබර් හා සෙලීනා ආයෙමත් ආදරෙන් GoZZip Lanka


තරහ මරහ නිමාවට පත්කර එකතුවන දෙදෙනා කවුරුත් නොසිතූ අයුරින් වෙන්වෙනවා. ඒ නිසා ජස්ටින් බීබර් සහ සෙලිනා ගෝමස් ගේ ආදර අන්දරය සමහරුන්ගේ සිනහවට ලක්වුණා. පසුගිය කාලය පුරා නැවතීමේ තිත තබා තිබූ ජස්ටින් – සෙලිනා පෙම් කතාවට ආයෙත් පණ ඇවිත්.

පසුගිය සතියේ හොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබුණේ සෙලිනා තම හිතවත් මිතුරු මිතුරියන් රැසක් සමඟ ජස්ටින්ව හමුවී ඔහු සමඟ පැය කිහිපයක්ම වි‍නෝදයෙන් කාලය ගත කළ බවයි. එහිදී සෙලීනා තම මිතුරියකට පවසා ඇත්තේ ඇයගේ ජීවිතයට සමීප වූ අවංකම තරුණයා ජස්ටින් බවයි.
“ජස්ටින් අනෙක්, කෙල්ලන් එක්කත් මුකුළු කරන්න හරිම ආසයි. ඒත් සෙලීනා මට කිව්වෙ, එහෙම දේවල් කළත්, ජස්ටින් තමයි එයාට හිතවත්ව හිටිය එකම පුද්ගලයා කියල. සෙලිනා ජනප්‍රිය ගායක ගායිකාවන් ළඟින්ම ආශ්‍රය කළා. ඒත් ඒ කිසිම කෙනෙක් ජස්ටින් වගේ හොඳ අය නොවේ කියලයි සෙලිනා කිව්වේ.
විශේෂයෙන්ම ජනප්‍රිය ගායිකා ටේලර් ස්යිෆ්ට්, සෙලිනාගෙ සමීපතම මිතුරිය වෙලා හිටියා. ඒත් එයා ගැන කිසිම පැහැදීමක් සෙලිනාගෙ හිතේ තිබුණෙ නැහැ” මෙහෙම කියා තිබ‍ුණේ සෙලිනාගෙ හිතවත් මිතුරියක්.
264524-justin-bieber-and-selena-gomez-kiss-at-lakers-game The 2011 ESPY Awards - Backstage And Audience Justin-Bieber-Selena-Gomez-vacation-Mexico

Comments