රත්නපුර බස් නැවතුම්පොළ ඉදිරිපිට පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑ කාන්තිලතා නොහොත් බට්ටී මේවනවිට ලංකාවේම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී තිබෙනවා. මීට පෙර මෙවැනිම චරිතයක් මාධ්‍ය මගින් ඇති කල අතර අද වන විට ඇය ආගිය තැනක් නොමැත. ඒ කොළඹ සමාජශාලාවක සිටි නයි නළඟනයි.
කෙසේ වෙතත් රත්නපුර සිදුවීමට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුනේ බට්ටීට පහර දෙන අවස්ථාවේ
එය වීඩියෝ ගත කර තිබුන නිසාවෙනි. දැන් වාර්තාවන අලුත්ම තත්ත්වයට අනුව පොලීසිය විසින් එය වීඩියෝ ගත කල පුද්ගලයාට නඩුවේ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ අනුව එම පුද්ගලයාට වහාම පැමිණ සිද්ධිය පිළිබඳව කටඋත්තරයක් ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවයි පොලීසිය පවසන්නේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එයින් ඔහුට කිසිදු අගතියක් නොවන බවයි. නීතිප්‍රකාරව එවැනි සිදුවීමක් වීඩියෝ ගතකිිරීම වරදක් නොවන බැවින් ඔහුට ඒ සම්භන්ධයෙන් අගතියක් නොවන බවද පවසනවා.
Comments
Post a Comment