කොළඹ සිට චීනයේ ප්‍රධාන ගුවන්තොටුපොළවල් කිහිපයකට යාමට මැලේසියානු ගුවන් සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී විශේෂ මිල ගණන් යටතේ නිකුත් කරනු ලැබූ ටිකට්පත් සම්බන්ධව ගැටලුකාරී තත්වයක් උද්ගතවූ බව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී.
කොළඹ සිට චීනය දක්වා වූ විශේෂ මිල ගණන් සහිත ගුවන් ටිකට් පත් මැලේසියානු ගුවන් සේවය විසින් අලෙවි නියෝජිතයන් වෙත නිකුත්කොට තිබූ අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද එම ගුවන් ටිකට්පත් මිලදීගැනීමට කටයුතුකොට තිබුණි. නමුත් හදිසියේ මැලේසියානු ගුවන් සේවය විසින් නිවේදනයක්
නිකුත් කොට කියා තිබුනේ එරට ගුවන් සමාගමේ දත්ත ජාලයේ ඇති වූදෝෂයක් හේතුවෙන් එම විශේෂ මිල ගණන් යටතේ ටිකට්පත් නිකුත් කොට ඇති බවය.
එම මිල ගණන් මැලේසියන් ගුවන් සමාගමේම වරදින් සිදුවූ එකක් බව මෙරට සිටින අලෙවි නියෝජිතයින්ටද දැනුම් දී තිබුණි. මැලේසියානු ගුවන් සමාගමේ මෙම ක්‍රියාකලාපය හමුවේ එම ගුවන් ගමන සැලසුම් කල ශ්‍රී ලාංකිකයන් පිරිස දැඩි අපහසුතාවයට පත්වවූ අතර මේ පිලිබඳ මාධ්‍යයෙන් හෙළිවීමත් සමග එම විශේෂ මිලට ගුවන් ටිකට්පත් ලබාගත් අයට එම ගුවන් ගමන ලබාදීමට මැලේසියානු ගුවන් සේවය පොරොන්දු වුවත් එය මේවනවිට තවත් එක් කඩවුණු පොරොන්දුවක් බවට පත්වි තිබේ.
තම පද්ධතියේ වරදින් ගුවන් ගමන් සැලසුම්කළ බොහෝ පිරිසක් අමාරුවේ දැමූ මැලේසියානු ගුවන් සමාගම ඒ සම්බන්ධව අදාළ පුද්ගලයන් දැනුවත් කිරීමට හෝ සමාව ඉල්ලීමට ගුවන් සමාගම කටයුතුකොට තිබුනේ නැත. මාස දෙකක් කල් ගතවූ කළ ගුවන් ඒ සම්බන්ධව නැවත නැවත විමසීමේදී ගුවන් සමාගම විසින් එම ටිකට් පත් මිලදී ගත් එක් ශ්‍රී ලාංකිකයෙකු සඳහා සමාව ඉල්ලමින් ලිපියක් එවා තිබේ. එම ලිපිය බලන්න පහතින්.
- http://offair.nethfm.com -

Comments
Post a Comment