දැරිවියට අතවර කලාට ලිංගය කපා මහ පාරට විසිකරලා GoZZip Lanka


ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකුගේ ලිංගය මන්නයකින් කපා පාරට විසිකර දැමූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයෙන් වාර්තා වේ.
අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු 16 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට උත්සාහ කරනු දැක ඇති පිරිසක් මෙම පුද්ගලයා අල්ලාගෙන මස් කඩයකට රැගෙන ගොස් දැඩි ලෙස
පහරදී ඇති අතර අනතුරුව එහි තිබූ පිහියක් ගෙන එම පුද්ගලයාගේ ලිංගය කපා පාරට විසි කර ඇත.
මේ අවස්ථාවේදී ඔහු දැඩි වේදනාවෙන් කෑ ගසා ඇතත් ඔහුට උපකාර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත්ව නැතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉන්දීය පොලීසිය පවසන්නේ නීතිය අතට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැති බැවින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වහා පොලීසියට බාරවිය යුතු අතර නැතිනම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි.
ලිංගය අහිමි වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. සිද්ධියට මුහුණ පෑ 16 හැවිරිදි ගැහැණු ළමයා කම්පන තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.

Comments