අනුරාධපුරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සේවකයන් දෛනිකව භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් හමුවීමෙන් එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හා නිලධාරිනියන් විශාල පිරිසක් විමතියට පත්ව ඇත.
අනුරාධපුර ඞීඑස් සේනානායක වීදියේ පිහිටි බව කියන මේ රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියේ මළ අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්ධ පවිත්‍ර කළ අවස්ථාවේ මෙකී උපත් පාලන කොපු තොගය
හමුවී තිබේ. යන්ත්‍රයේ ක්‍රියාකරු විසින් බටය දැඩි ලෙස පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් එකට එක්කාසු වී බෝලයක් ලෙස සිරව තිබෙන අයුරු දැක තිබේ.
අදාළ ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු පැවසූවේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් වැසිකිලි වලට දැමීම හේතුවෙන් ඒවා සිරවී වැසිකිලි පද්ධතිය අක්‍රීය වී ඇති බවයි. ආයතනයට අයත් වැසිකිලි පද්ධති කිහිපයක්ම තිබෙන බවත් ඒවා පිටස්තර පුද්ගලයන් භාවිතා නොකරන බවද ඔහු පැවසුවේය. රාජ්‍ය ආයතනයක් තුළ නිර්භයව නිර්ලජ්ජිත මෙවැනි ක්‍රියා සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව සේවක මතයයි. ආයතනය තුළ වැඩියෙන්ම අතිකාල රාජකාරී සේවාවල යෙදී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලූවහොත් මෙම උපත් පාලන කොපු තොගයේ අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයා ගතහැකි බව සේවකයින්ගේ අදහසයි.
-http://gossip.asianmirror.lk-
Comments
Post a Comment