ටෙලි නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් තිදෙනා එක්ව නිරූපිකාවක් වන හංසි සිතාරා හට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකථයක් සොරාගන යෑමේ සිද්ධියට සම්බන්ධයෙන් පැවති නඩුව නැවත විභාගවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසයි.
මීට පෙර මේ සම්බන්ධයෙන් පැවති නඩු වාරයකදී ඔවුන් තිදෙනා ඇප මත මුදාහැරතිබුනා. මෙසේ වරෙන්තු නිකුත් කර තිඛෙන්නේ මේනකා
මධුවන්ති, ආක්ෂා සුධාරි හා ඇගේ මව වන මොහිදින් වහීදා නැමැති තිදෙනාටය. ටෙලිනාට්‍ය නිළි හංසි සිතාරා විසින් මිරිහාන ළමා හා කාන්තා අංශයට කරන ලද පැමිණිල්ලක් දමා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වන දින ඇයව නුගේගොඩ නිලු සැලූන් නැමැති ස්ථානයට ගෙන්වාගන එසේ පහරදුන් බවයි.
-gossip.asianmirror.lk-
Comments
Post a Comment