බට්ටිට තඩිබෑ සාජන් ආයෙත් පොලීසියට GoZZip Lanka

රත්නපුර නගරයේ බස්නැවතුම ආසන්නයේදී කාන්ති ලතා හෙවත් බට්ටි නමැති කාන්තාවට පහරදීමේ චෝදනාව යටතේ වැඩ තහනමට ලක්ව සිටි පොලිස් සැරයන්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද යළි සේවයේ පිහිටවා ඇති බවට තොරතුරු වාර්තා වනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකින් අනතුරුව සබරගමු පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයක් මත පොලිස් සැරයන්වරයා යළි සේවයේ පිහිටවා තිබෙනවා.


රත්නපුර නගර මධ්‍යයේදී පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහරදෙන අන්දමේ විඞීයෝ පටයක් සමාජ වෙබ් අඩවි හරහා ප‍්‍රසිද්ධ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ විශේෂ කථාබහක් ඇතිවුණා. එහිදී බොහෝ වාද විවාද ඇතිවූ අතර අවසානයේ අදාල පොලිස් නිළධාරියා සොයාගැනීමෙන් පසුව විමර්ශනයන් සිදුකරන තුරු සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය තීරණය කලා.

කරුණු එසේ වන අතර කාන්ති ලතා හෙවත් බට්ටී තමන්ට සිදුවු අසාධාරණයට එරෙහිව රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා පොලිසියට එරෙහිව අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනුකලා. ඒ අතර සිදුවීමට අදාල පොලිස් නිලධාරියා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් රත්නපුර නගරයේ ත‍්‍රීරෝද රියදුරන් පිරිසක් පසුගියදා උද්ඝෝෂණයකද නිරත වුණා. ඒ බට්ටී රත්නපුරය නගරයට පිළිලයක් බව පවසමින්.

Comments