ආදරණීය කතාවක්‌ අවසන් GoZZip Lanka


ආදරණීය කතාවක්‌ චිත්‍රපටය මූලික රූගතකිරීම් මේ වන විට නිමවී ඇත. නව පරපුරේ කුසලතා පූර්ණ ගායකයෙක්‌, රූපවාහිනි රියෑලිටි ප්‍රසංගයක නිෂ්පාදිකාවක්‌ වටා ගෙතී ඇති ආදරණීය කතාවක්‌ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්‍ෂණය කරන සිව්වැනි චිත්‍රපටය වේ.
ප්‍රවීණ මාධ්‍යවේදියකු, කෘතහස්‌ත කලාකරුවකු, ප්‍රවීණ ගීත රචකයකු වූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පුත් චමින්ද ගමගේ ප්‍රථම වරට චිත්‍රපට නිෂ්පාදකවරයකු බවට පත්වන්නේ “ආදණීය කතාවක්‌” සමඟය.

දැහැන, විමුක්‌ති, අරුමෝසම් වැහි යන චිත්‍රපට නිර්මාණය කළ ප්‍රියන්ත කොළඹගේ ගේ සිව්වන සිනමා නිර්මාණය වන ආදරණීය කතාවක්‌ චිත්‍රපටයේ සියලුම රූ ගැන්වීම් අවසන් වී ඇති අතර පසුගිය සතියේ බලංගොඩ බෙලිහුල්ඔය සුන්දර පසුබිමකදී අවසන් රූ ගැන්වීම් සිදුකළ බව චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ පැවසුවේය.
1adara1
සංගීතමය චිත්‍රපටයක්‌ ලෙස ලාංකික ප්‍රේක්‌ෂකයන්ට අලුත් අත්දැකීමක්‌ එක්‌කරන මෙය සුන්දර ආදර කතාවකි. ගීත 9 කින් සමන්විත ආදරණීය කතාවක්‌ චිත්‍රපටය සීයයට අනූවක්‌ කොළඹ සුන්දර ස්‌ථානයන්හි රූගත කරන ලද අතර බලංගොඩ බෙලිහුල් ඔය ආශ්‍රිතව අනෙක්‌ දර්ශන රූගත කෙරුණි.
ආදරය සහ සංගීතය ජීවිතයම කරගත් තරුණ ගායකයකු සහ යොවුන් ගායිකාවක අතර ගොඩනැඟෙන ආදරයත් ඔවුන් වඩා ඔවුන් හා බැඳුණු තවත් යෞවනයන් දෙදෙනකු අතර ගොඩනැඟුන මානව සම්බන්ධතාවක්‌, ආදරණීය කතාවක්‌ චිත්‍රපටයේ ප්‍රධාන තේමාවයි. මේ තරුණ තරුණියන් හතර දෙනා අතර මෙම චිත්‍රපටය සියයට සියයක්‌ සිනමාත්මක චිත්‍රපටයක්‌ ලෙස ගොඩනැඟී ඇත.
Aadaraneeya Kathawak (13)
චිත්‍රාල් සෝමපාල ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක පසුබිම් ගායනයට එක්‌වන්නේ ආදරණීය කතාවක්‌ චිත්‍රපටයෙනි. එමෙන්ම කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා සහ අමිල පෙරේරා ද ගායනයෙන් දායක වේ. මෙහි සංගීත අධ්‍යක්‍ෂණය තරුණ සංගීත අධ්‍යක්‍ෂකවරයකු වන උදාර සමරවීර විසිනි.
ප්‍රියන්ත කොළඹගේ ගේ පළමු සිනමා නිර්මාණය වන දැහැන චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂක ලෙස සිනමාවට පිවිසි ඩොනල්ඩ් ජයන්ත ට මෙම චිත්‍රපටය සුවිශේෂී චිත්‍රපටයක්‌ වන්නේ ඔහුගේ 50 වැනි චිත්‍රපටය ද මෙය වන නිසාවෙනි. මෙහි කැමරා අධ්‍යක්‍ෂණයෙන් රුවන් කොස්‌තා, කලා අධ්‍යක්‍ෂක ලෙස මංජුල අයගම, වේෂ නිරූපණය නලින් ප්‍රේමතිලක, ඇඳුම් නිර්මාණය ජානක උල්ලඳුපිටිය, දෙවන සහාය අධ්‍යක්‍ෂණය ජනක චාමර සහ නිරෝෂන් එදිරිමාන්න, නිෂ්පාදන කළමනාකරණය අසෝක ආරියරත්න, රේ‚ය නිෂ්පාදනයෙන් වසන්ත වීරද්දන සහ ඩිරාන් විජයසිංහ, නිශ්චල ඡායාරූපකරණයෙන් මේඝ කාවින්ද කොළඹගේ සහ මහේෂ් නිශාන්ත, වාර්තා රූපගත කිරීම් සහ ශබ්ද පටිගත කිරීමෙන් කවිඳු ප්‍රසාන් විෙ-වර්ධන දායකත්වය ලබාදෙයි.
තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ උවනි චාමිකා විසින් ද සංස්‌කරණය අකිල බුද්ධික, ඩිරාන් ජයසිංහ, මේඝ කාවින්ද කොළඹගේ විසින් සිදුකරනු ලබයි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්‍ෂ, සාරංග දිසාසේකර, මොරීන් චාරුනී, ශ්‍රීනාත් මද්දුමගේ, සරණපාල ජයසූරිය, වෙලේගෙදර රණසිංහ, විශාකා සිරිවර්ධන, සුරංගා රණවක, අංජලී ලියනගේ, අංජනා සත්‍යාංගනී ඇතුළු නළු නිළියන් රැසක්‌ රංගනයෙන් එක්‌වන අතර චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ සම නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි.

Comments