ගොඩක් වෙලාවට ඉන්නෙ දුකෙන් තමයි | වොල්ගා GoZZip Lanka


ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
තිලකුඹුරගේ කුලරත්න වොල්ගා කල්පනී අමරදාස
ගෙදර අය ඔබට අමතන්නේ මොකක් කියලද?
මට ගෙදර අය කියන්නේ චූටි පුතා කියලා.
ඔබ කැමැති නිළියක් කියනවටද, නිවේදිකාවක් කියනවටද?
මම කැමැතියි ඒ දෙකම කියනවට
ඇයි ඒ?

මම කලින් නිවේදිකාවක් ඒ හරහා තමයි රංගනයට ආරාධනා ලැබෙන්නේ. ඒ නිසා නිවේදිකාවක් නිළියක් කියන අංශ දෙකෙන්ම මිනිස්සු මාව හඳුන්වනවා නම් මම කැමැතියි.
මෙතෙක් පැමිණි ගමන ගැන සතුටු වෙනවද?
ඔව්. මම ගොඩක් සතුටු වෙනවා මොකද මට හොඳ නිර්මාණවලට දායක වෙන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් මට ප‍්‍රශ්න ඇවිත් නෑ. ඒ නිසා මම මේ පැමිණි ගමන ගැන සතුටුයි.
මේ රැකියාව නොකළා නම් ඔබ කරන්නේ මොන විදිහේ රැකියාවක්ද?
මම නිළියක් හරි නිවේදිකාවක් නොවූනා නම් ‍පොඩි කා‍ලේ ඉඳන් කැමැත්තෙන් හිටියේ ලෝයර් කෙනෙක් වෙන්න. එහෙනම් අද මම රැකියාව කරන්නේ ඒ පැත්තෙන්
ඔබ ජීවිතේ කියා හිතන්නේ? (මුදල්ද, ප‍්‍රසිද්ධියද, රැකියාවද, මවුපියන්ද, සැමියාද, දරුවන්ද)
ඔය කිසි දෙයක් නෙමේ. මම ජීවිතේ කියලා හිතන්නේ. අනුන්ට කරදරයක් නැතිව, අනිත් අයට උදව් කරන ගමන් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න.
ජීවිතේ අරමුණ කුමක්ද?
රංගනයෙන් උපරිම දක්ෂතා පෙන්වලා, ඒ පැත්තෙන් ඉදිරියට යන එකයි. අම්මා, තාත්තව හොඳට බලාගෙන සතුටින් ජීවත්වෙන එක තමයි මගේ අරමුණ
හිතට දුකක් දැනුණම මොනවද කරන්නේ?
ගොඩක් අඬනවා. මම කරන්නේ අඬලා, අඬලා  මට දැනුණ දුක නැති කර ගන්නවා.
ඔව වැඩියෙන්ම දුක් වුණු දවස?
එහෙම විශේෂයක් දිනයක් නෑ ගොඩක් වෙලාවට දුක්වුණු දවස් තියෙනවා.
ඔබ කලකිරුණු දවස?
මම හොඳම යාළුවෙක්. කියන කෙනෙක් හිටියා. මම එයාව ගොඩක් විශ්වාස කළා. ඒත් එයා මගේ විශ්වාසය බින්ද නිසා මම ඒ යාළුකම අතඇරියා. මොකද එයාව මගේ අම්ම තාත්තා තරමට විශ්වාස කළා, ඒකයි. එදා ඉඳන් මම යාළුවෝ ගැන කලකිරිලා ඉන්නේ.
ආදරේ ගැන ඔබ හිතන්නේ කොහොමද?
ආදරය කියන්නේ පරිත්‍යාගයක්. කෙනෙක්ට කොන්දේසි නැතිව ආදරය කරන්න පුළුවන් නම් ඒකයි සැබෑ ආදරය. ඒ වගේම අපි ආදරය කරන කෙනා සතුටෙන් තියන්න  ඕන.
පළමු පෙම්වතා කව්ද?
හොඳට මතකයි. කාටවත් ප‍්‍රථම පේ‍්‍රමය අමතක වෙන්නෑ. උසස් පෙළ කරන කා‍ලේ තමයි ඒ පේ‍්‍රම සම්බන්ධතාව පටන් ගත්තේ. පස්සේ නොගැළපීම් හා අපි අතර තිබ්බ ප‍්‍රශ්න නිසා ඒ දේ අපි දෙන්නම කතා කරලා නැවැත්තුවා.
පේ‍්‍රමය බිඳී වැටුණොත්?
මම ආදරය කරන කෙනාට උපරිමයෙන් ආදරය කරන නිසා ඒ දේ බිඳවැටුණොත් මට හිත හදාගන්න බැරි මට්ටමකට බිඳේවි. මානසිකව වැටෙන්නත් පුළුවන්.
ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන විදියේ තෑග්ගක්ද?
මම හිතන්නේ එයාගේ විශ්වාසය රැකගෙන අවංකව ආදරය කරනවා නම් ඒක තමයි ආදරේ කරන කෙනාට දෙන වටිනාම තෑග්ග කියලා.
ඔබගේ උපන් දිනයට ඔබ බලා‍පොරොත්තු වෙන්නේ මොන විදියේ තෑග්ගක්ද?
මගේ උපන්දිනේට  ඕනම කෙනෙක් සතුටෙන් දෙන  ඕනම තෑග්ගක් මම නිහතමානීව භාර ගන්නවා.
ඔබගේ ජීවිතයේ ලැබුණු හොඳම තැග්ග මොකක්ද?
මට ලැබුණු හොඳම තෑග්ග මගේ ආදර”ය අම්මා, තාත්තා. මොකද ඒ දෙන්නාගේ ආදරේ මිල කරන්න බෑ.
අත්හැර ගන්න කැමැති පුරුද්දක් තියෙනවාද?
මිනිසුන්ව එපා වුණොත් අත් ඇරලම දාන ගතිය තමයි මම අත්හැර ගන්න කැමැති
ඔබ කැමැති පෙම්වතා මොන විදියේ කෙනෙක්ද? ‍
පොළොවේ පයගහලා ඉන්න, මගේ දෙමවුපියන්ව ආදරයෙන් බලා ගන්න, මට ගොඩක් ආදරය කරන කෙනෙක්ට මම ගොඩක් කැමැතියි.
Volga 01 Volga 02 Volga 03 Volga 04 Volga 07 Volga 08 Volga 09 Volga 05 Volga 06

Comments