01. කසුන් කල්හාර ගායකයෙක් යන නිර්වචනයෙන් බැහැර වුණු අර්ථයකින් කසුන්ව හඳුන්වන්න කිව්වොත් කසුන් කවුද?
මට ඒක ගැන සෑහෙන කාලෙකින් කල්පනා කරන්න බැරි වුණා. මම හිතුවෙම නෑ, මම කවුද, මම මොනවාද කරන්නේ. ඇත්තටම මම කල්පනා කළේම නැහැ.
02. ඒ කියන්නේ ඉදිරියේදී කසුන් කල්හාරට තමන් කවුද කියලා හොයා ගන්න බැරි වෙයි කියලාද?
කියන්න බැහැ ඉතින්, එහෙම හෙව්වා කියලා වැඩකුත් නැහැ ඉතින්. මම පෞද්ගලිකව ඒක විශ්වාස කරන්නෙත් නැහැ. මනුෂ්‍යයෙක් විදියට තමන්ට අදාළ ප්රතිපත්තීන් ටිකක් තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. මට විතරක් නෙවෙයි ජීවත් වෙන හැමෝටම.
03. ගායකයෙක් විදියට කසුන් කල්හාර සාර්ථකයි කියලා හිතනවාද?
ඕක ඔයිට කලින් මගෙන් මාධ්‍යයන්වලින් ඔය ප්රශ්නය අහද්දි මම කිව්වේ ඒ ඒ කාලවලදී සාපේක්ෂව මම තමයි සෑහෙන හොඳ මට්ටමක ඉන්නේ කියලා. නමුත් කාලානුරූපීව ඒක වෙනස් වෙනවානේ. දැන් දක්ෂ තරුණ තරුණියෝ ලංකාවෙත් ඉන්නවා. ලංකාවෙන් එපිට නම් ගෙඩාක් ඉන්නවා. ඒක නිසා දැන් මම ඒ කාලේ කියපු විදියට කියන්න යන්නේ නැහැ. මම තමයි මාරම ගායකයා වගේ දේවල් මම කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මම කලින් කිව්වා වගේ මම කොතැනද ඉන්නේ කියලා මම කල්පනා නොකරන නිසා ඒවා කල්පනා කර කර පසුතැවෙනවාට වඩා වැඩක් කරන්න උත්සහ කරන එක වැදගත් කියලා මම හිතනවා.
04. එච්. එම්. ජයවර්ධනයන් සහ මාලිනී බුලත්සිංහලයන්ගෙන් කසුන් කල්හාර වෙනස් වෙන්නේ කොහොමද?
මම කියන්නේ නෑ මම මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි ගොඩාක් වෙනස් කියලා. උදාහරනයක් විදියට මගේ අම්මා ජීවත්ව ඉද්දි මම මේ කියන්නේ ඇගේ කලාව ගැන නෙවෙයි. නමුත් ඇය මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු විදිය මට ගොඩක් හොඳ Experience එකක් වුණා. මනුෂ්‍යත්වය ආදී කාරණා මම අෑ තුළින් දැක්කා. මට තේරෙනවා මා තුළත් එවැනි දේවල් තියෙනවා කියලා. ඒ ටික මට ආවේ අම්මාගෙන්. තාත්තාගෙත් තියෙනවා වෙනම දේවල් ටිකක්. එයත් සාමාන්‍යයෙන් මොන දේ වුණත් වැඩිය ගණන් ගන්නේ නැහැ. ඛ්චපඥ කරන්නේ නැහැ. සරලව ජීවත් වෙන්න කැමැතියි. හැබැයි දැඩි ප්‍රතිපත්ති ගරුකයි. ඉතින් ඔය සියලු කාරණා එක්ක මට හිතෙන්නේ මගේ අම්මා හා තාත්තාගේ ගොඩක් හොඳ දේවල් මට ඇවිත් තියෙනවා කියලයි.
05. ලංකාව තුළ ගීත ගයන හැමෝම දක්ෂද? ඒ හැමෝම ගායකයෝද ගායිකාවෝද?
හැමෝම දක්ෂ නැහැ. අනිවාර්යයෙන්ම මොන දේ කළත් තමන්ට තමත් ගැන හරි තක්සේරුවක් තියෙන්න ඕනෑ. ඒක මුලින්ම පටන් ගත්ත නිර්මාණ දෙකක් ගත්තම මේ නිර්මාණ දෙකෙන් වඩා හොඳ මොකක්ද කියන එක ගැන අපිට තක්සේරුවක් තියෙන්න ඕනෑ, හොඳ මොකක්ද, නරක මොකක්ද? ගොඩාක් හොඳ මොකක්ද? ටිකක් හොඳ මොකක්ද? වගේ දේවල් ගැන අපිට වෙන දියුණු තක්සේරුවක් තියෙන්න ඕනෑ. දෙයක් සාපේක්ෂව දකින්න අපිට පරිචයක් තියෙන්න ඕනෑ. වෙන රටවල Music මොනවාද? අපි ඒ ගැන කොයි තරම් හොයලා බලලා තියෙනවාද? වගේ ඉතින් මේ මුල නැතිව හොඳ මොකක්ද කියලා තීරණය කරන්න බැහැ.
මේ දේවල් ගැන සවිඥානික මිනිසුන්ට පුළුවන් තමන් ගායකයෙක් හෝ ගායිකාවක් නම් තමන් මොකක්ද කරන්නේ කියන එක ගැන තක්සේරුවක් ඇතිකරගන්න. ඒක තමන් කරගන්න ඕනෑ මිසක් මිනිස්සු කියලා වැඩක් නැහැ. මිනිස්සු බොරුවටත් කියනවා “ඔයා මාරයි” කියලා. ඉතින් ඔය කාරණාව නිසා දක්ෂ කවුද කියන එක තීරණය කරන්න බෑ. ලංකාවේ ඉන්න ගොඩාක් මිනිසුන්ට Sing කරන්න බෑ. නිකන් මොනවා හරි කියාගෙන යන්න පුළුවන්. ඇත්තටම Sing කරනවා කියන එක දැවැන්ත වැඩක්. හරියට Sing කරන මිනිස්සු ඒක දන්නවා. ලංකාවේ ඉන්න ගොඩක් Music කරන අය ගැන මම සතුටු නැහැ. මගේ සමහර නිර්මාණත් මට වෙලාවකට හරියන්නේ නැහැ. ඉතින් ඔහොම බැලුවාම ලංකාවේ ඉන්නේ හොරු ටිකක් තමයි.
06. ඒ කියන්නේ සුපිරි මට්ටමේ දක්ෂතා තියෙන ගායක ගායිකාවෝ ලංකාවේ ඇත්තෙම නෑ කියලද?
එහෙමනම් නෑ, ඇත්තටම නැහැ. මොකද මම සුපිරිතම කියන කාරණයේදී ඒ දේ සුපිරි වෙන්න නම් ඊට සාපේක්ෂව මනින්න තව දෙයක් තියෙන්න ඕනෑ. එතකොට ලංකාවෙන් එපිට ගත්තොත් Artistic මට්ටම කොච්චරද කියලා “සෙලින් ඩියොන්” වගේ කෙනෙක්ට මම ඉතාම කැමැතියි. මම කියන්නේ එයා ඇවිත් සුපිරි ගායිකාවක් තමයි. සංගීතය තුළ කරන්න පුළුවන් ඉතාම සුපිරි දේ ඇය නිරායාසයෙන් කරනවා. ඒක Academic Knowledge එකක් තියෙන, සංගීතය ගැන දැනුමක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරෙන කාරණවක්. ඒ වගේ හෝ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් තව කෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා ඇහුවොත් මම කියන්නේ නෑ කියන එක තමයි. ලංකාවේ සුපිරි ගායක ගායිකාවෝ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැනට සමහර විට මම අහලා නැති ළමයි ඇති.
07. කසුන්ගේ අම්මා මාලිනී බුලත්සිංහල, ඇගේ පරම්පරාවෙත් සුපිරි මට්ටමේ ගායක ගායිකාවෝ හිටියේ නැද්ද එතකොට?
මම කියන්නේ සුපිරි මට්ටම කියලා ඔයා අහන දේද කියලා මම දන්නේ නැහැ.
08. මම අහන්නේ “සෙලින් ඩියොන්” වගේ සුපිරි මට්ටමේ ගායිකාවෝ අතීතයේ හිටියෙත් නැද්ද කියලයි.
නැහැ. එවැනි මට්ටමේ මිනිස්සු ලංකාවේ සෑහෙන නැහැ. සංකේත විදියට පෙන්නන්න පුළුවන් මිනිස්සු සෑහෙන ඉන්නවා. ඕක ලංකාවට ගෙනත් බෝ කළේ භාතිය, සන්තුෂ් තමයි මට මතක විදියට. හැබැයි මම කවදාවත් කියන්නේ නැහැ භාතිය, සන්තුෂ් සුපිරි මට්ටමේ ගායකයෝ කියලා. මොකද ඒ සම්බන්ධයෙන් මගේ Idea එක වෙනස් නිසා.
09. හරි “නදීක ගුරුගේ” කියන්නේ දක්ෂ සංගීතඥයෙක් සහ සුපිරි මට්ටමේ ගායකයෙක් නෙවෙයිද?
නදීක ගුරුගේ කියන්නේ ඉතා දක්ෂ සංගීතඥයෙක් සහ ගායකයෙක්.
10. මම අහන්නේ නදීක සුපිරි මට්ටමේ කෙනෙක් නෙවෙයිද කියලයි?
මෙහෙමයි, අපි ඉතාම හොඳ මිත්‍රයෝ අපි දෙන්නා නිතරම කතා බහ කරන කාරණාවක් තමයි මේ… අපි හොඳයිද? කියන එක. එතකොට අපි අපිටම කියනවා “ඔව් අපි හොඳයි කියලා. අපි හොඳයි තමයි ඉතින්, දැන් කරන්න හදන කලාව කියන එක ඇතුළේ සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමේ අපි ඉන්නවා. නමුත් ඕක නෙවෙයිනේ අපේ බලාපොරොත්තු වෙන තැන. අපි හරි ආසයි, පෙරේතයි. එතැනට යන්න. එතැන මායි, නදීකයි දෙන්නම නෑ තාම.
11. මම අහන්නේ දෙන්නා ගැනම නෙවෙයි නදීක ගුරුගේ ගැන.
තවම අපි එතැන නැහැ. ශිල්පීය දක්ෂතාව කියන දේ හරහා බොහෝ දුර යන්න නම් අපිට Music ගැන දැනීම විතරක් තිබ්බාට මදිනේ. ශිල්පීය ඥානය කියන්නේ ඒක වැඩිදියුණු කරගෙන ඒක ඇතුළෙම ජීවත් වෙලා ඉන්න එකට. මම හිතන්නේ නෑ මමවත් නදීකවත් එහෙම කරනවා කියලා. එහෙම කරන්න පරිසරයකුත් දැන් නෑ. ඉස්සර නම් තිබුණා. අපි විසින්ම පටලවා ගත් වෙනත් කාරණා නිසා දැන් එහෙම ඉඩක් නැහැ.
12. කසුනුයි, නදීකයි මේ ගැන නිතරම කතා කරනවා කිව්වනේ. හරි එතකොට ඇයි සුපිරි මට්ටමේ ගායක ගායිකාවෝ ලංකාවේ බිහි නොවෙන්නේ, මොකක්ද එහෙම වෙන්න හේතුව?
ගැටලුව තියෙන්නේ මම අර කිව්වත් වගේ දැන් ම්ම්ම්…. විශ්වයේ තියෙන අපි මීට කලින් හොයා ගත්තු නැති තැන් ගොඩාක් තියෙනවානේ. ඒවා හොයා ගන්න විදියක් නැහැ. අමාරුයි. ඒ තාක්ෂණය නැහැ. නමුත් කලාව කියන එක ඇතුළේ ගත්තම ගොඩාක් දේවල් හඹාගෙන ගිහින් හොයා ගන්න පුළුවන්. අන්තර්ජාලය වගේ දේවල් හරහා. Search කරනවා නම් Search කරලා හොයා ගන්න පුළුවන්. ඒ තරම් පහසුකම් තිබිලත් ඒ විදියට කරන කලාකාමී හදවත් තියෙන තරුණ ළමයි සෑහෙන අඩුයි. ගොඩාක් අය එහෙම මහන්සි වෙනවා පේන්නේ නැහැ.
13. හොඳ රසඥතාවක් ලංකාවේ මිනිසුන්ට තියෙනවාද?
රසඥතාව හොඳ පැත්තකට දියුණු වීගෙන යනවා කියලා මට හිතෙනවා.
14. මල් මිටක් තියන්න සහ සඳ මිතුරි ගීතවල තනුව කසුන්ගේ නෙවෙයි නේද?
තනුව කියන්නේ එකක්, පසුබිම් සංගීතය එකක්, මල් මිටක් ගීතයේ තනුව මගේ. ආරම්භක සංගීත ඛණ්ඩය මගේ, ඊට පසුව එන වයලීන් ඛණ්ඩය මගේ නෙවේ. මගේ හොඳ මිතුරෙක් වුණු රුක්ෂාන් ගුණවර්ධනට ඕනෑ වුණා ඒ වයලීන් Part එක මේ මිනිහාට මේකටම ගහන්න ඕනෑ වුණා. වැඩෙත් ඉක්මනට කෙරෙන්නත් ඕනෑ, ඒක මිනිහාගෙත් ආසාව නිසා එහෙම උපුටා ගැනීමක් කළා. මම ගැන එහෙම හිතන්නේ ඕක ලොකු දෙයක් වුණේ මම එවැනි දෑ සාමාන්‍යයෙන් නොකරන නිසයි. ගෙඩි පිටින් ඔය වගේ දේවල් උපුටලා දාන අයට මිනිස්සු මුකුත් කියන්නේ නැහැ.
සඳ මිතුරි නම් කිසිම වරදක් නැහැ. රාජ්ද කුමාර් කියන දමිළ සංගීතඥයාට ඕනෑ වුණා එයා කරපු දෙමළ චිත්‍රපටයක ගීතයක් ලංකාවේදී සිංහල ගීතයක් විදියට කරන්න. එයාගේ ගීතයක් නිසා එයා මගෙන් ඇහුවා සිංහල වචන දාලා සිංහල ගීතයක් කරනවාද කියලා. ඊට පසුව තමයි රාජ් කුමාර්ගේ එම ගීතය බාල සුබ්‍රමනියම් ගයපු ලංකාවේදී සිංහල වචන දාලා මගේ අතින් ගැයුනේ.
15. කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ මේ සුසංයෝගයට මොකද වුණේ?
තාම නම් මුකුත් වෙලා නැහැ. සෑහෙන කාලෙක ඉඳන් එයා Love කරන Music මම ප්‍රිය කරන Love වලට Music වෙනස්. ඔහු වඩාත් ප්‍රිය Rock Music වලට. අපි දෙන්නටම ඒකේ රහ බෙදාගන්න බැරුව නෙවෙයි. ඉතින් ඔහු අවසානයේ ඒ පැත්ත තෝරා ගත්තා, මට එයා තරම් ඒ පැත්ත හඹාගෙන ගොස් කරන්න වුවමනාවක් නැති නිසා මම මේ පැත්ත තෝරා ගත්තා. තාමත් අපි වැඩ කරනවා. අපි එකක්ම කර කර ඉන්නවාට වඩා මේ විදියේ විවිධත්වයකට ගිය එක පසුකාලීනව මට හොඳයි කියලත් හිතුණා.
16. මේ අයව දක්ෂතාව අනුව පෙළගස්වන්න.ශිහාන් මිහිරංග, අමල් පෙරේරා, නලීන් පෙරේරා, ළහිරු පෙරේරා.
ඔතන ඉන්න සමහර මිනිස්සු එක්ක මම වැඩ කරලත් නැහැ. ඒ අය සජීවීව ගීත ගයනවා මම අහලත් නෑ. ඉතින් ඒ අයගේ Capacity එක ගැන මට හරියටම කියන්න බැහැ. සමහර අයගේ සින්දුවලට මම කැමැතිත් නැහැ.
විශේෂයෙන් ළහිරු පෙරේරා වගේ කෙනෙක් මෙහෙම නිකං ගීත ගයනවා මම කවදාවත් අහලා නෑ. එයා අර වෙන කටහඬකින්, විහිළුකාර Dance Act එකක් කරනවා විතරයි. මම දැකලා තියෙන්නේ, සමහර විට ඊට වඩා හොඳට ගයන්න පුළුවන් ඇති. ඒකම නලින්ටත් යනවා, ශිහාන් මාත් එක්ක වැඩ කරලා තියෙනවා. ගායකයෙක් විදියට ගත්තොත් මේ අතරින් අමල් පෙරේරා හොඳයි.
17. ඒ කියන්නේ ළහිරු පෙරේරා දක්ෂ නැහැ කියලාද?
ම්ම්ම්…. කොහොමද දන්නේ? ළහිරුගේ මොකක්ද අර…. ආ… රම්බරී මම අහලා තියෙනවා. ළහිරුගේ ගායනාව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. සමහර විට ඔයාටත් පුළුවන් ඇති. ඒ නිසා මම එයාගේ විශේෂත්වයක් දකින්නේ නැහැ. ඔහු වෙන ආරයක ගීත ගායනා කළොත් සමහර විට මීට වඩා හොඳ ඇති. ඒත් මට ඇහිලා නෑ. ඒ නිසා මම දන්නේ නැහැ.
18. උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, නිරෝෂා විරාජිනී, කුෂානි සඳරේඛා මේ අය අතුරින් සරාංගීම කට හඬ තියෙන්නේ කාටද?
නිරෝෂාටයි, කුෂානිටයි ඒ දෙන්නට තියෙනවා. ඒ දෙන්නා සංගීතය වර්ගීකරණයේදී Oriental, Western ගත්තොත් මේ දෙන්නටම එහිදී හොඳ Blend එකකට යන්න පුළුවන්. Tone එක Value එක මේ දෙන්නට තියෙනවා.
19. විවාහය කියන සංකල්පය ගැන මොකද හිතන්නේ?
මම ඇත්තටම ඒක දැන් හිතන්නේ නෑ. මම විවාහ වෙලා ඉන්න නදී කම්මැල්ලවීරත් එහෙමයි. අපි කතා බහ කරලා තියෙන දේවල් ඇතුළේ විවාහය හින්දා අපි දෙන්නම Lock වෙච්ච තැන් තියෙනවා. විවාහ නොවී හිටියා නම් ජීවිතේ මීට වඩා සරල වෙන්න තිබුණා කියලත් හිතෙනවා.
20. ඒ විවාහය ඉවර කරලා නැවත කෙනෙක්ව විවාහ කරගන්න අවස්ථාව ලැබුණොත් විවාහ කරගන්නේ නැද්ද?
ගෑනු 50ක් හිටියත් විවාහ නම් කරගන්නේ නැහැ. විවාහ නම් වෙන්නේ නෑම තමයි.
21. ගණිකා වෘත්තිය ලංකාවේ නීති ගත කළොත්?
ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත වෙන්න ඕනෑ. කවුරු මොනවා කිව්වත් මම දන්නෑ මොනවාද ඒ කියන විකාර කියලා. ලෝකේ තියෙන බොහෝ රටවල ඕක නීතිගත කරලා තියෙන්නේ. මිනිහෙක්ට මේ තියෙන ලිංගිකත්වය ගැන තියෙන පීඩනය, අමු අමුවේ නිකන් පවක් වගේ එළියට දාන්නේ ඇයි කියලා හිතෙනවා. මිනිස්සු ගොඩාක් වෙලාවට උදේ ඉඳන් රෑ වෙනකන් කල්පනා කරන්නේ ඕක සමහර විට. ඒ ඉඩ හදලා දුන්නම ඒ පීඩනයෙන් ඉන්න මිනිස්සු එතැනට ගිහින් තම අවශ්‍යතාව ඉටුකර ගනියිනේ. ඕක නිකන් අර ගොජ දදා තියෙන හැළිය වගේ නිවෙන්න නොදී තියාගෙන ඉන්න එක ගැන මම නම් තෘප්තිමත් නැහැ. ඒ නිදහස ඒ ඉඩ ලංකාවේ මිනිසුන්ටත් තියෙන්න ඕනෑ.
22. නදී ඔබේ බිරිය වෙන්න ඇයට තිබුණු සුදුසුකම් මොනවාද?
විවාහය ගැන මට අර වගේ දේවල් හිතිලා තියෙද්දී ආයෙත් මම මුලටම ගිහින් මොන දේ කිව්වත් දැන් වැඩක් නැහැ. ඇත්තටම මට දැන් ඒ කිසි දෙයක් ගැන හිතලා වැඩක් නැහැ.
23. ඒ කියන්නේ කසුන්ට දැන් ඒවා “මට මතක නැහැ” වෙලාද?
ඔව්, මට මතක නැහැ කියලා දාන්න ඒක වඩාත්ම හොඳයි.
24. ලංකාවේ කැමැතිම දේශපාලනඥයා කවුද?
ම්ම්ම්…. මම තාම කැමැතිද කියලා තාමත් හිතනවා. එයාලා එක්ක මට කිසිම පෞද්ගලික ඇසුරක් නැහැ. පෞද්ගලිකව අහන්න, දකින්න තියෙන දේ ඇතුළේ කිසිම කෙනෙක් ගැන මට විශ්වාසයක් නැහැ.
25. තුන් වැනි වතාවටත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුණොත්?
මගේ පෞද්ගලික මතය අනුව මම නම් හොඳක් දකින්නේ නැහැ. මම කියන්නේ නෑ. මේ ආණ්ඩුව ඉවත් වෙලා විපක්ෂය එන්න ඕනෑ කියලත්, මම එතැනත් නෑ. නමුත් පාලන තන්ත්රයේ වෙනසක් අනිවාර්යයෙන් විය යුතුයි. යුද්දෙ ඉවර කරපු එක ගැන සතුටු වෙනවා. එය දැන් ඉතිහාසයට අයිති කාරණාවක්.
26. අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත්?
ඒ ගැනත් මට විශ්වාසයක් නැහැ. නමුත් අනුර කුමාරගේ දේශපාලන කතාබහවලට මම සාවධානව ඇහුම්කන් දෙනවා. දේශපාලනඥයෙක් විදියට ඔහු කතා කරන දේවල් විශ්වසනීයයි බොහෝවිට. නමුත් ඒ විදියටම කතා කරපු බොහෝ දෙනෙක් පහු කරගෙනයි අපි මෙතැනට ආවේ. ඒ නිසා මට ස්ථීරව ඒ ගැන කියන්න බැහැ.
27. රාත්‍රි නින්දෙන් පසු උදේ අවදි වෙද්දි කසුන් කල්හාර රන්ජන් රාමනායක වෙලා හිටියොත්….?
අප්පට සිරි… අයියෝ… ඒක කිව්වොත් රන්ජන්ට හරි නැහැ.
28. මොකක්ද මේ මීගමුවේ කරන්න යන වැඩේ?
ඔව්. අපි නොවැම්බර් මාසේ 1වැනිදා ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නෙ. මීගමුවේ ආවේ මරියා ශාලාවේ සවස 7.00ට ප්‍රසංගය පවත්වන්න හිතුවේ. මම, ඉන්ද්‍රචාප, කුෂානි, නිරෝෂා අපි මේකට සහභාගි වෙනවා. මීගමුවේ පැත්තේ ඉන්න අයගේ ඉල්ලීම මත තමයි අපි ඒ පැත්තෙ මේ වැඩේ කරන්න හිතුවේ.
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment