දේශීය ටෙලි නිර්මාණකරුවන් පිරිසකගෙන් එල්ල වී තිබෙන විරෝධයක් නිසා මේ දිනවල
‘Tv දෙරණ’නාලිකාවේ විකාශය කැරෙමින් තිබෙන සිංහල හඩ කැවූ ‘Boys Over
Flowers’ටෙලි නාට්‍යය කාගේත් අවධානයට ලක්ව තිබේ.
මීට ආසන්තම හේතූව වී තිබෙන්නේ ‘Boys Over Flowers’ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු ඇරඹීමත් සමග දේශීය ටෙලි නාට්‍ය කරුවන් පිරිසක් විසින් හදිසියේම කොරියානු ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නතර කළ යුතුයැයි කියමින් කොරියානු ටෙලිනාට්‍ය වලට එරෙහිව දැඩි විරෝධයක් පලකරන්නට පටන් ගැනීමයි.
විරෝධතාකරුවන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින
දක්ෂ ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කරවා ගැනීමට රූපවාහිනි නාලිකාවන්හී වේලාවක් වෙන්කර ගැනීමටවත් ඉඩක් නොමැති පසුබිමක් තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුව සිටින වේලාවන් කොරියානු ටෙලි නාට්‍ය පෙන්වීම සදහා වෙන්කිරීමෙන් දේශීය ටෙලි නිර්මාණ කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවය.
දේශීය ශිල්පීන්ගේ නිර්මාණ නොසලකා හරිමින් කොරියානු ටෙලි නාට්‍ය සදහා රූපවාහිනී නාලිකාවන්හී මෙලෙස ඉඩ ලබා දුනහොත් මීට පෙර ‘සිරස Tv’නාලිකාව විසින් කසිකබල් ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ලක් රට තුළ ව්‍යාප්ත කළාක් මෙන් නුදුරේදීම තුට්ටු දෙකේ කොරියානු ටෙලි නාට්‍ය රැල්ලකට මුහුණදීමටද සිදුවනු ඇති බව ඔවුහූ කියා සිටිති.
සිංහල හඩ කැවූ ‘Boys Over Flowers’ටෙලි නාට්‍යය මුල් කර ගනිමින් දේශීය ශිල්පීන් සුළු පිරිසක් විසින් මෙලෙස හදිසියේම කොරියානු නිර්මාණ පිළිබද විරෝධයක් මතුකරන්නට උත්සාහගන්නා නමුත් කොරියානු ටෙලිනාට්‍ය මෙරටට හදුන්වා දී , ඒවාට සිංහල හඩකවා ඒවා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හුරු කරවන ලද්දේ අන් කවරෙකුවත් නොව ; ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසිනි.
නමුත් ඒ බව අද මෙකී විරෝධතා කරුවන්ටද අමතක වී තිබෙන අතර ජාතික රූපවාහිනිය කොරියානු ටෙලිනාට්‍ය විකාශය කරද්දී ඒවා නොදුටුවාක් මෙන් ඉවත බලා සිටි විරෝධතා කරුවෝ පුද්ගලික නාලිකාවක් විසින් කොරියානු ටෙලි නිර්මාණයක් පෙන්වනවිට පමණක් ඊට විරෝධය පෑම සාධාරණ නොවන බව මේ අතර තවත් දේශීය නිර්මාණකරුවන් පිරිසකගේ මතය වී තිබේ.
ඔවුන් පවසන්නේ කිසියම් දේශීය නිර්මාණකරුවකුට ප්‍රේක්ෂකයන් පිනවිය හැකි ආකාරයේ නිර්මාණ කළ හැකිනම් කොරියාවෙන් නොව ලොව කවර රටකින් ටෙලි නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශනය කළත් බියවිය යුතු නැති බවය. කොරියානු ටෙලිනාට්‍ය වලට බියවී කෑගසන අය අතර සිටින බොහෝ දෙනා පෞද්ගලිකවම තම නිර්මාණ ශක්තිය පිළිබදව බියකින් පසුවන්නන් බවද ඔවුහූ පවසති.
‘Boys Over Flowers’ යනු අතිශය බොළද කථා තේමාවක් සහිත දුර්වල නිර්මාණයක් බවත්, එවැනි නිර්මාණවලට පවා අපේ ප්‍රේක්ෂකයන් ඇදී යනවා නම් එසේ වන්නේ දේශීය නිර්මාණකරුවන්ගේ
ඒකාකාරී කතා තේමාවන් , ඒකාකාරී දර්ශන තල හා නිතර එකම නළු-නිළි පිරිසකගේ
රැගුම් දැක හෙම්බත්වීම නිසා මිස ‘Boys Over Flowers’ ටෙලියේ ඇති වෙනත්
විශිෂ්ඨත්වයක් නිසා නොවන බවත් පවසන ඔවුන් අද හැදෙන අපේ ලෝබජට් ටෙලිනාට්‍ය
දකිනවිට ප්‍රේක්ෂකයා විදේශීය ටෙලි නිර්මාණ වටා රොක්වීම පුදුමයක් නොවන බවද
කියයි.
ගොසිප් වාර්තාකරුට ලැබී ඇති තොරතුරුවලට අනුව වෙනත් රූපවාහිනී නාලිකා දෙකක දැනට රාත්‍රී 8.30 ට පෙන්වමින් තිබෙන දේශීය ටෙලි නාට්‍ය දෙකක් අභිබවමින් මේ වනවිට ‘Tv දෙරණ’ නාලිකාවේ විකාශය වන ‘Boys Over Flowers’ නමැති කොරියානු ටෙලි වෘතාන්තය වැඩි ප්‍රෙක්ෂක ප්‍රසාදයක් දිනාගන්නට සමත්ව සිටී .
මීට ආසන්තම හේතූව වී තිබෙන්නේ ‘Boys Over Flowers’ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු ඇරඹීමත් සමග දේශීය ටෙලි නාට්‍ය කරුවන් පිරිසක් විසින් හදිසියේම කොරියානු ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නතර කළ යුතුයැයි කියමින් කොරියානු ටෙලිනාට්‍ය වලට එරෙහිව දැඩි විරෝධයක් පලකරන්නට පටන් ගැනීමයි.
විරෝධතාකරුවන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින
දක්ෂ ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කරවා ගැනීමට රූපවාහිනි නාලිකාවන්හී වේලාවක් වෙන්කර ගැනීමටවත් ඉඩක් නොමැති පසුබිමක් තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුව සිටින වේලාවන් කොරියානු ටෙලි නාට්‍ය පෙන්වීම සදහා වෙන්කිරීමෙන් දේශීය ටෙලි නිර්මාණ කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවය.
දේශීය ශිල්පීන්ගේ නිර්මාණ නොසලකා හරිමින් කොරියානු ටෙලි නාට්‍ය සදහා රූපවාහිනී නාලිකාවන්හී මෙලෙස ඉඩ ලබා දුනහොත් මීට පෙර ‘සිරස Tv’නාලිකාව විසින් කසිකබල් ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ලක් රට තුළ ව්‍යාප්ත කළාක් මෙන් නුදුරේදීම තුට්ටු දෙකේ කොරියානු ටෙලි නාට්‍ය රැල්ලකට මුහුණදීමටද සිදුවනු ඇති බව ඔවුහූ කියා සිටිති.
සිංහල හඩ කැවූ ‘Boys Over Flowers’ටෙලි නාට්‍යය මුල් කර ගනිමින් දේශීය ශිල්පීන් සුළු පිරිසක් විසින් මෙලෙස හදිසියේම කොරියානු නිර්මාණ පිළිබද විරෝධයක් මතුකරන්නට උත්සාහගන්නා නමුත් කොරියානු ටෙලිනාට්‍ය මෙරටට හදුන්වා දී , ඒවාට සිංහල හඩකවා ඒවා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හුරු කරවන ලද්දේ අන් කවරෙකුවත් නොව ; ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසිනි.
නමුත් ඒ බව අද මෙකී විරෝධතා කරුවන්ටද අමතක වී තිබෙන අතර ජාතික රූපවාහිනිය කොරියානු ටෙලිනාට්‍ය විකාශය කරද්දී ඒවා නොදුටුවාක් මෙන් ඉවත බලා සිටි විරෝධතා කරුවෝ පුද්ගලික නාලිකාවක් විසින් කොරියානු ටෙලි නිර්මාණයක් පෙන්වනවිට පමණක් ඊට විරෝධය පෑම සාධාරණ නොවන බව මේ අතර තවත් දේශීය නිර්මාණකරුවන් පිරිසකගේ මතය වී තිබේ.
ඔවුන් පවසන්නේ කිසියම් දේශීය නිර්මාණකරුවකුට ප්‍රේක්ෂකයන් පිනවිය හැකි ආකාරයේ නිර්මාණ කළ හැකිනම් කොරියාවෙන් නොව ලොව කවර රටකින් ටෙලි නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශනය කළත් බියවිය යුතු නැති බවය. කොරියානු ටෙලිනාට්‍ය වලට බියවී කෑගසන අය අතර සිටින බොහෝ දෙනා පෞද්ගලිකවම තම නිර්මාණ ශක්තිය පිළිබදව බියකින් පසුවන්නන් බවද ඔවුහූ පවසති.
‘Boys Over Flowers’ යනු අතිශය බොළද කථා තේමාවක් සහිත දුර්වල නිර්මාණයක් බවත්, එවැනි නිර්මාණවලට පවා අපේ ප්‍රේක්ෂකයන් ඇදී යනවා නම් එසේ වන්නේ දේශීය නිර්මාණකරුවන්ගේ
ගොසිප් වාර්තාකරුට ලැබී ඇති තොරතුරුවලට අනුව වෙනත් රූපවාහිනී නාලිකා දෙකක දැනට රාත්‍රී 8.30 ට පෙන්වමින් තිබෙන දේශීය ටෙලි නාට්‍ය දෙකක් අභිබවමින් මේ වනවිට ‘Tv දෙරණ’ නාලිකාවේ විකාශය වන ‘Boys Over Flowers’ නමැති කොරියානු ටෙලි වෘතාන්තය වැඩි ප්‍රෙක්ෂක ප්‍රසාදයක් දිනාගන්නට සමත්ව සිටී .
Comments
Post a Comment