කත්රිනා කයිෆ් හා රිතික් රෝෂන් එක්ව ඉන්දියානු රුපියල් කෝටි 175 ක් දින 4 ක් තුළ ඉපැයූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුනා. ඉන්දියානු සිනමාවම කැළඹී ඇති ඒ පුවතට ප්රවීන රංගන ශිල්පීන් පවා මවිතවී තිබෙනවා. කත්රිනා හා රිතික් එක්ව රඟපෑ ‘Bang Bang’ චිත්රපටය එය ප්රදර්ශනය වූ සිවුවන දිනය අවසන් වන විට ඉන්දියානු රුපියල් කෝටි 175.61 ක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.
සිවුවැනි දිනට ඉන්දියාව තුළ පමණක් රුපියල් කෝටි 134.47 ක් උපයා ඇති එය ඉන්දියාවෙන් පිටත රුපියල් කෝටි 41.14 ක් උපයා තිබෙනවා. තොරතුරු වාර්තා වන අන්දමට එය පස්වන දින පසු කරන විට ඉන්දියානු රුපියල් කෝටි 201 ක් උපයා තිබෙන බවයි ආරංචි වන්නේ. ‘Bang Bang’ චිත්රපටයේ මුළු නිෂ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 140 ක්.
2010 වසරේ ටොම් කෘස් හා කැමරන් ඩයස් රඟපෑ ‘Knight and Day’ චිත්රපටයේ බොලිවුඩ් නිර්මාණය ලෙස ‘Bang Bang’ චිත්රපටය ඔක්තෝම්බර් 02 වැනිදා සිට තිරගතවීම ආරම්භ වූවා.
Comments
Post a Comment