රත්නපුර බට්ටීට පහරදුන් සාජන් තිසේරාට වැඩ වරදී (Video) GoZZip Lanka

රත්නපුර බස් නැවතුම්පොළ ඉදිරිපිට කාන්තාවකට පහරදෙන පොලිස් නිලධාරියෙකු පිලිබඳ වීඩියෝව පළකරමින් අප වෙබ් අඩවිය විසින් එම කාන්තාවගේ නමත් ඇයගේ වෘතියත් හෙළිකර සිටියෙමු.

මේවනවිට අපගේ හෙළිදරව්ව සනාථ කරමින් ඇය අද දෙරණ පුවත් සේවය වෙත සිදුවීම විස්තරකොට තිබේ.

බට්ටිගේ පාපොච්ච්රණය බලන්න පහතින්.
"ඒ මහත්තයාගේ නම මම දන්නේ නෑ..සතියකට උඩදී මාත් එක්ක යන්න කතා කළා..මම කිව්වා බෑ කියලා..මම පිරිමින් එක්ක යන එක ඇත්ත, ඒ
කීයක් හරි හොයාගෙන ළමයින්ට කන්න දෙන්න ඕන හින්දා..මම එක එයාට කල් ඇතුවම කිව්වා..ඊට පස්සේ ඇවිල්ලා ආයෙත් යන්න කතා කළා..තුන්වෙනි දවසෙත් මට ඇවිත් කතා කළා..

මම කිව්වා බෑ කියලා..ඊට පස්සේ ගංගා කියල ගෑනු කෙනෙක්ට කෝල් කරලා කියලා තියෙනවා මෙකි ගාවට ගිහින් මෙකිට්ට ගහලා රණ්ඩු කරපන් කියලා..ගංගා මට ඇවිත් කුණුහරුපෙන් බැන්නා..මමත් බැන්න..බැන්නට පස්සේ ආපහු කෝල් කරලා කියලා තියෙනවා මහත්තයට ඇවිත් මට ගහන්න කියලා..මහත්තයා ඇවිත් හරි වැරැද්ද බැලුවේ නෑ..මට ඇවිත් බැන්න තොට කියල තියෙනවා නේද මෙතනට එන්න එපා කියලා මට වයර් කෑල්ලකින් ගැහුවා.."

අවසානයේ තමන් එම පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී පැමිණි බවත්, ඉන් පසු ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් කල්පනා නොකළ බවත් ඇය මාධ්‍යය වෙත සන්ඵහන්කොට තිබුණි.

කාන්තාවකට මෙසේ අමානුෂික ලෙස පහරදීම අප කිසිසේත් අනුමත නොකරන අතර මෙම සිදුවීමේදී අප මෙකි හෙළිදරව්ව සිදුකරනු ලබන්නේ මෙම සිදුවීම පිටුපස ඇති කරණු ඔබ දැනගත යුතු නිසාවෙනි.

මෙම කාන්තාවට පහරදුන් සාජන් වරයා වන්නේ සාජන් තිසේරා නමැත්තෙකි. මේවනවිට මෙම සිදුවීම හේතුවෙන් සාජන්වරයාගේ වැඩ තහනම් වී තිබේ. බට්ටි තමා පිරිමින් සමග යන බවත් එසේ යන්නේ දරුවන්ට කන්න දෙන්න බවද එහිදී හෙළිකොට ඇත.

ඇය මුලදී මෙය සැලසුම් සහගතව පොලිස් නිලධාරියා විසින් රණ්ඩුවක් ඇතිකොට කල පහරදීමක් ලෙස අදහස් දැක්වුවත් කතාව අවසානයේ ඇය පවසන්නේ "මහත්තයා ඇවිත් හරි වැරැද්ද බැලුවේ නෑ" යන ප්‍රකාශයයි. එමෙන්ම එම ස්ථානයේ නොසිටින ලෙස සිදුකරන ප්‍රකාශයෙන්ද තේරුම් යන්නේ ඇගේ පාපොච්චාරණයට එහා ගිය සිදුවීමක් මෙම සිදුවීම පිටුපස ඇති බවය.

බට්ටීටද දැන් සෙල්වාගේ ලෙඩේ වැළඳී ඇත. පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත් බට්ටිගේ සැමියා විසින් මාධ්‍යයට පවසා තිබුණි.

බට්ටිට පහරදීම පිලිබඳ රත්නපුර වැසියන් කම්පාවට පත්ව නැත්තේ ඇගේ හැසිරීම පිලිබඳ බොහෝදෙනෙකු හොඳාකාරයෙන්ම දන්නා නිසාවෙනි. බට්ටි යනු මෙයට පෙරද උසස් පොලිස් නිලධාරීන් අමාරුවේ දැමීම සඳහා "තමා සමග යහන් ගත වීමට කතා කලා" යන චෝදනාව ඉදිරිපත් කල තැනැත්තියකි.

බට්ටීව ගණිකා වෘතියේ යොදවන්නේ අද ඇයගේ රෝගාබාධ පිලිබඳ දුක්වන ඇයගේ සැමියා විසිනි. ඒ විශාල මුදලක් සොයා ගැනීමට නොව රුපියල් 500 ක් වැනි මුදලක් සොයා ගැනීමටය.

මේ සියල්ල අප විසින් හෙළිකරනු ලැබුවේ වෙනත් මාධ්‍යය විසින් මේවා හෙළි නොවන නිසාවෙනුත් මෙම සිදුවීමේ යතාර්ථය තේරුම්ගත යුතු නිසාවෙනි.

කාන්තාවක් ලෙස බට්ටිට පොලිස් නිලධාරියා විසින් සිදුකල ප්‍රහාරය අප අනුමත නොකරන අතර පහරදීම සම්බන්ධව ඔහු නීතිය ඉදිරියට පැමිණිවිය යුතු බව අපගේ විශ්වාසයයි.

බට්ටිගේ පාපොච්චාරණය බලන්න පහතින් 

 - http://www.gossipbook.lk/ -

Comments