රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ වේගයෙන් අන්තර්ජාලය පුරාවටම පැතිරගියා. සිදුවීම වාර්තා වුවත් සිදුවීමට අදාල පුද්ගලයින් කවුදැයි තොරතුරු කිසිවක් වාර්තා වූයේ නැහැ. නමුත් ඒ පිළිබදව සොයාබැලූ අපට සිදුවීමේ යටගිය තොරතුරු බොහෝමයක් සොයාගැනීමට හැකිවූවා.
රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්රචලිතව ඇත්තේ ,බට්ටී, නමින්. ඇය වෘත්තියෙන් ලොව පැරණිම රැකියාවේ නිරතවෙන බවයි ආරංචි වුනේ. සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී තිබෙනවා. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්රතිපලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබෙනවා. එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබෙනවා. නමුත් මේ වන විටත් පහරදුන් පොලිස් නිලධාරියා පිළිබදව තොරතුරු වාර්තාවන්නේ නැතත් ඒ පිළිබදව තොරතුරු ලද සැනින් ඔබ වෙත ගෙන එනවා.
සිය නම හෙළිකිරීමට අකමැතිවූ රත්නපුරේ තරුණයෙක් අපහට පැවසුවේ මෙවැන්නක්,
“වේවැලක් අතින් අරන් රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ තට්ටෙ තියෙන දෙමල චිත්රපටවල වගේ උඩ රැව්ල කරකවල වවපු නාකි පොලිස් නිළදාරියෙක් තවත් පොලිස් නිලදාරියෙක් සමග ගැවසෙනව දකින්න පුලුවන්. එයාලගෙ රාජකාරිය පාසල් ලමුන්ට පහරදීලා බස්වලට ගොඩ කිරීමත් බස් නැවතුම්පලේ ඉන්න කපල් වලට අහන්නෙ බලන්නෙ නැතුව පහරදීලා එලවලා දාන එකයි.”
එම සිදුවීමේ දර්ශන පහතින්,
Comments
Post a Comment