එක්‌තරා ජාත්‍යන්තර පාසලක හතර වසරේ සිසුන්ගේ පෙළ පොතෙහි ඇති දුෂ්කර තත්ත්වයන් තුළදී මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න ඇතුළත් "මවගේ අලුත් පෙම්වතා පිළිගන්නේ කෙසේද" යන පාසල් ළමුන්ට නොගැලපෙන පාඩමක් පිළිබඳව ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (25 ) දින කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරන ලදී.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ මෙවැන්නකි.
"මේ ජාත්‍යන්තර පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන දරුවන්ට collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන්නේ Mum's New Boyfriend යන්නයි. මේ පාඩම Difficult Feeling යටතේ කියා දෙන්නක්.
මෙවැනි පාඩම් බටහිරට අලුත් නොවන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය ඇත්තේ අපගේ ළමයින්ට එවැනි පාඩම් අවශ්‍යද යන්නයි. අපගේ දරුවන්ට දුෂ්කර අවස්‌ථාවන්වලදී මුහුණදිය යුතු ආකාරය පිළිබඳ මෙවැනි පාඩම් තුළින් කියා දෙන්න ඇති දෙයක් නැහැ.
මෙම භයානක තත්ත්වය රජය තේරුම් ගත යුතුයි. මෙම පාසල් නියාමනය කිරීමට වහා කටයුතු කළ යුතුයි. මෙම පාසල්වල පාඩම් පමණක් නොව ඇඳුම් පැළඳුම් පවා නියාමනය කළ යුතුයි.
ජාත්‍යන්තර පාසල්වල ළමයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැඩි වශයෙන් දක්‌නට ලැබෙනවා. මෙම ළමයින් ලේ මාපිල්ලුන්ගේ ගොදුරු වෙලා.
අප සංවිධානයේ පසුගිය ජාතික මහා සමුළුවේදී ජාත්‍යන්තර පාසල්වල බෞද්ධ ආගම, සිංහල භාෂාව ඉගැන්විය යුතු බවට යෝජනා කළා. නමුත් රජය ඒ සඳහා කටයුතු කළේ නැහැ. අප මෙම පාසල් හරහා රටට සංස්‌කෘතියට, අපගේ අනාගතයට වන හානිය ගැන කල්තියා දුටුවා. අප එවැනි යෝජනා ඉදිරිපත් කළේ ඒ නිසයි. නමුත් අපගේ පාලකයන් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා."
එම ජාත්‍යන්තර පාසල විසින් හතරවන වසරේ ළමුන්ට ලබාදුන් පෙලපොතේ "මවගේ නව පෙම්වතා" පිළිගන්නා අයුරු පැහැදිලිකර තිබූ පාඩම බලන්න පහතින්.
- http://www.nethfm.com/ -

Comments
Post a Comment