ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත විසින් දීපිකා පදුකෝනේගේ ලැම විදහා දක්වමින් සිය ට්විටර් අඩවියේ පළ කළ ඡායාරූපයක් හා එහි සඳහන් වූ අදහස නිසා ඉන්දියාවේ පැවති තත්වය තවම උණුසුමි තත්වයේ පසුවේ.
මින් කෝපයට පත් දීපිකා මෙන්ම තවත් බොලිවුඩ් තාරකාවන් මීට දැඩි විරෝධතාවක් දැක්වූ අතර, එය
කාන්තාවන්ට කරන නිග්රහයක් බව පැවසීය.
නමුත්, මේ කාරණය එතරම් බරපතල ලෙස නොගත් ටයිම්ස් පුවත්පත, දීපිකාගේ සුන්දරත්වය පිළිබඳ සැමට කියා පෑමට එවැන්නක් කළ බවත් පැවසීය.
මින් සෑහීමකට පත් නොවූ පදුකෝනේ සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, තම ශරීරය ගැන වර්ණනා කිරීම ගැටලුවක් නොවුණත්, තිරයෙන් පිටතදී ගැහැණියකට ගෞරව කිරීමට ඕනෑම අයෙකුගේ කටයුතු කළ යුතු බවයි.
Comments
Post a Comment