ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කරමින් නවතම වාර්තාවක් කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු අතර ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එම වාර්තාවේ සඳහන් වෙයි.
එම වාර්තාවෙහි සඳහන් වන්නේ, නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත
ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව සහ ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වන අතර එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්රතිශතයකි.
ඉන්දීය සිනමා කර්මාන්තය තුල ඉංජීනේරුවන් විද්‍යාඥ්යින් වැනි චරිත සඳහා වූ කාන්තා නිරූපණයද අඩු මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.
එමෙන්ම ලොවපුරා සියළුම චිත්‍රපට වල බලවත් චරිත සඳහා කාන්තාවන් යොදාගන්නා අවස්ථාද අඩු බව එම වාර්තාව පවසයි.
Comments
Post a Comment