සාර්ථක චිත්රපට රැසක් අධ්යක්ෂණය කල රෝහිත් ෂෙට්ටිගේ මීළඟ චිත්රපටයට ප්රධාන නළු නිළියන් ලෙස එක්වන්නේ ෂාරුක් ඛාන් හා ඓශ්වර්යා රායි බච්චන්ය. ෂාරුක් ඛාන් හා ඓශ්වර්යා අවසානයට පෙමින් වෙලුනේ 2002 වසරේදී සංජය ලීලා බන්සාලි විසින් අධ්යක්ෂණය කල දේව්දාස් චිත්රපටයේදීය. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත මෙසේ එක්ව රගපාන්නේ වසර 12 කට පසුවය.
ෂාරුක් ඛාන් ප්රධාන චරිතය නිරූපනය කරන ‘Chennai Express’ චිත්රපටයද අධ්යාක්ෂණය කල රෝහිත් ෂෙට්ටි පවසන්නේ ෂාරුක් සමග වැඩකිරීම තමන්ට ගෞරවයක් බවයි. ඔහු චිත්රපට නවයක ෂාරුක් සමග වැඩකල බවත් ඒවා ඉතා සාර්ථක වූ බවත් රෝහිත් පවසනවා. බොහෝ දුරට ‘Ram Lakhan’ ලෙස නම් කිරීමට නියමිත මෙම චිත්රපටය 2016 වසරේ තිරගතවීමට නියමිතයි. නමුත් රෝහිත් පවසන ආකාරයට දැනට චිත්රපටය රූගත කිරීම් වෙනුවෙන් පවතින්නේ එක ප්රශ්නයක් පමණයි. ඒ ෂාරුක් චිත්රපටය බාරගැනීම ස්ථිර කර ඇතිමුත් ඓශ්වර්යාගෙන් තවමත් හරිහමන් වචනයක් නොලැබුන බවයි.
Zameen, Golmaal, Sunday, Golmaal Returns, All The Best: Fun Begins, Golmaal 3, Singham, Bol Bachchan, Chennai Express, Singham Returns, Golmaal 4 රෝහිත් ෂෙට්ටි අධ්යක්ෂණය කල අනෙකුත් චිත්රපට වනවා.
Comments
Post a Comment