ක්‍රිකට් පුහුණුකරු තේරීමේ කමිටුවෙන් සනත් ඉවත්වීමට හේතුව මෙන්න GoZZip Lanka

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීළග පුහුණුකරුවා මාවන් අතපත්තු වීමට බොහෝ ඉඩකඩ ඇතැයි වාර්තා වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා 17 දෙනෙකු අයැදුම් කළද ඔවුන් අතුරින් 9 දෙනකුගේ නම් පමණක් මේ වන විට ඊයේ දිනය වන විට සාකච්ඡාවට ගෙන තිබුන අතර එහිදී අවසන් වටයට තේරී ඇත්තේ මාවන් අතපත්තු සහ මාක් රාම්ප්‍රකාශ් වේ.

මීට පෙර දෙවතාවක්ම ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු
කළ ඩැව්නෙල් වට්මෝර්නුත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුරට ඉල්ලූම් කර තිබූ නමුත් වට්මෝර් මහතාගේ පුහුණු න්‍යායන් වත්මන් කි‍්‍රකට් කී‍්‍රඩාව හා නොගැලපෙන බවට අදහස් ඉදිරිපත් වීම නිසා වට්මෝර්ගේ නම අවසන් 9 දෙනා අතුරින් ඉවතට ගොස් තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලි තුනේදීම ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි තුනම ජයගත්තේද මාවන් අතපත්තුගේ මගපෙන්වීම් ඇතිවය.

මාර්ක් රාම්ප්‍රකාශ් ප්‍රධාන පුහුණුකරුවකු ලෙස ප්‍රන්ත කණ්ඩායමක හෝ ක්‍රියාකොට නොමැති හෙයින් ඔහු පිලිබඳ බහුතරය ප්‍රසාදය පලකොට නොමැත. රාම්ප්‍රකාශ් පුහුණුකරු ලෙස ඉදිරිපත් කිරීමට අයදුම්පත යොමුකොට ඇත්තේ සනත් වන අතර රාම් ප්‍රකාශ් දිනවීම කෙරෙහිද සනත් පෙනී සිට තිබේ.

නමුත් මාවන් ගේ දක්ෂතාවයත්, ඔහුට ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ඇති ඥාති සම්බන්ධතාවයනුත් හේතුවෙන් එම සටන දිනිය නොහැකි බව පෙනුණු නිසාවෙන් සනත් විසින් ඊයේ දිනයේදී පුහුණුකරු තේරීමේ කමිටුවෙන් ඉවත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල පුහුණුකරු ලෙස තෝරාගන්නා තැනැත්තා අද දිනයේදී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත වේ.

 -http://www.gossipbook.lk-

Comments