ඇමති ටී.බී ට හොද ලණුවක් දීලා, කැඩුන සපත්තු සල්ලිවලට ගන්න කවුරුත් නෑ GoZZip Lanka


චීන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ගිවිසුම් අත්සන් කිරීමේදී සංස්කෘතික කටයුතු ඇමති ටී.බී. ඒකනායකගේ සපත්තු යුගලය කැඩීයාම දෙස් විදෙස් මාධ්‍ය අවධානයට ලක්විය. එම ජායාරූප මාධ්‍යය ඔස්සේ ​ප්‍රසිද්ධ වීමත් සමග අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර සංවිධාන මගින් එම සපත්තු යුගලය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවයි.
ප්‍රංශය, ජර්මනිය යන රටවල් දෙකෙහි මෙවැනි විශේෂ අවධානයට ලක්වූ පුවත් සම්බන්ධයෙන් අවධානය
දක්වන ආයතන මගින් එය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවත් තමාගේ කැඩුණු සපත්තු යුවලට අමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ලන්සුවක් ලැබී ඇති බවත් පවසා තිබුණි. නමුත් අප වෙත වාර්තා වන්නේ ප්‍රංශයේ සිටින ශ්‍රීලාංකික තරුණයන් දෙදෙනෙකුගේ රැවටීමකට අමාත්‍යවරයා ලක්ව සිටින බවයි ලක්ව ඇති බවයි.
ප්‍රංශයේ සිටින තරුණයන් දෙදෙනෙකු පුවත් ඒජන්සියක ආකාරයෙන් ​අමාත්‍යවරයාගේ ලේකම්වරයාට කතාකොට ඇති අතර එම සපත්තු දෙක ඇමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදී ගැනීමට කැමති බව ප්‍රකාශකොට තිබෙනවා. පසුව ලේකම්වරයා ඒ සම්බන්ධව අමාත්‍යවරයා දැනුවත්කොට ඇති අතර නැවතත් එම තරුණයන් දෙදෙනා අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ස්කයිප් හරහා කතා කිරීමට අවස්ථාවක් දෙන ලෙසය. නමුත් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම හේතුවෙන් ඇමතිවරයා එම ස්කයිප් සංවාදය මගහැර ගොස් තිබෙනවා. මේ අතර අමාත්‍යවරයා විසින් සිදුකොට ඇත්තේ එම ව්‍යාජ දුරකථන ඇමතුමෙන් ලැබුණු ලන්සුව මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරනු ලැබීමයි. මාධ්‍යයද එම පුවතෙහි සත්‍ය අසත්‍යතාවය විමසා නොබලා ඇමතිවරයාගේ කතාවට ප්‍රචාරක් ලබාදීමට කටයුතු කර තිබුණි.
සල්ලි දෙනවා කියූ පමණින් කලබලවීම කොපමන වීද යත් හදිසියේ සපත්තු දෙකට කමිටුවක්ද පත්කෙරිණි. ඉන් නොනැවතී සම්පූර්ණ මුදලම ලබාගැනීමට ඇමතිවරයා ප‍්‍රකාශකලේ ඡායාරූපය ලබා ගත් කැමරා ශිල්පි ඉෂාර එස් කොඩිකාර වෙත මුදල් ප්‍රදානයක් කරන්නේද නැද්ද යන්න  තීරණය කර කරන්නේ ඒ පිළිබඳ පත් කළ කමිටුව තීරණය කළහොත් පමණක් බවයි.

-gossip.asianmirror.lk-

Comments