අහිංසක චරිත රගපාන ගයාත‍්‍රි රාජපක්ෂ නොවැම්බර් මාසයේ විවාහ වෙන බවට වෙත වාර්තා වෙනවා. යෝජිත විවාහයක් වෙන මේ විවාහ කටයුතු ඉතාමත් ළග නිසාවෙන් ගයාත‍්‍රි අලුතින් වැඩ මුකුත් භාර නොගන්නා බවයි ගයාත‍්‍රි නම් කියන්නේ. දැනට විදෙස්ගත වෙලා පෞද්ගලික ආයතනයක රැකියාව කරන ගයාත‍්‍රිගේ
පෙම්වතා ඉදිරියේදී ලංකාවට ඒමට නියමිතයි. විවාහ උනත් ගයාත‍්‍රි දිගටම රඟපානවලු. ඒ ඇගේ පෙම්වතා තමන්ගේ රඟපෑමට කිසිම බාධාවක් නොකරන නිසා. මේ වන විට ඇය ‘ගම්දෑලේ සිතාණෝ’ නැමැති අලුත් ටෙලියකට දායක වී සිටින අතර හිරු රූපවාහිනියේ ‘හිරු තනිවෙලා’ ටෙලියේත් ‘අරෝවා’ නැමැති තවත් අලුත් ටෙලියකත් රඟපාමින් සිටින බවයි ගයාත‍්‍රි පවසන්නේ.
Comments
Post a Comment