බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ ජනාධිපති වුනොත් මොකක් වෙයිද?
අඥානසාරලා එවැනි තනතුරුවලට දාන්නේ නැහැනේ මිනිස්සු. ඊට වඩා ප්රබුද්ධ මහා දැනුම් සම්භාරයක් තියෙන සිල්වත්කම පිරිච්ච මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවානේ මේ රටේ. මල්වතු අස්ගිරි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය අමරපුර නිකාය කෝට්ටේ පාර්ශවයේ මහානාහිමිවරු හැම පාර්ශවයකම ඉන්නවනේ මේ රටේ. ඊට අමතරව තවත් ප්රබුද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ ඉන්නවා.
නම් වශයෙන් කියන්න ගියොත් පොත පරාදයි. එහෙම කොහොමද වෙන්නේ. ඥානේ කිව්වම ඥානය කියන එක තියෙන්න ඕනා. නම් දැම්ම පළියට ඥානය ලැබෙන්නේ නෑ. ඒ අයට මම කියන්නේ අඥානසාරලා කියලයි.
මොකද ඇමතිතුමා මේ තරම් උන්වහන්සේ සමග අමනාපයෙන්?
කිසිම අමනාපයක් නැහැ. උන්වහන්සේ මට අපහාස කළා මට ‘දෙපත් නයා’ කියල. ඥානසාර හාමුදුරුවන්ට මතක් කරන්න කියන්න විහාරමහාදේවි එකේ සිද්ධිය. එදා අපේ රැස්වීමක් තිබ්බා. වාසුදේව නානායක්කාර, කුමාර් රූපසිංහ ආදී මහත්වරු පිරිසක් ආවා. සිංහල ජාතීන් එකතු කරන සංවිධානයක්, ඔය මනුස්සයා එදත් කීප දෙනෙකු අල්ලගෙන නැග්ගා වේදිකාවට. ලොකුම වරද දෙයියෝ මට උස මහත දුන්නේ නෑ. නමුත් මට ඥානවන්තකම තියෙනවා, මනුස්සකම තියෙනවා. දැන් බලන්න එකපාරක් අපි යාල ගිය වෙලාවේ කුළු හරකෙක් මෙහෙම මගේ දියා බලන් හිටියා. කුළු හරකා ඥානසාර හාමුදුරුවන්ගේ සයිස් එකෙක්. මම බැලූවා මේ කුළුහරකට නැහැනේ ඥානයක්. මගේ යාළුවන්ට මම කිව්වා “මචං මූ කුළු හරකෙක්, මුගේ ඉස්සරහාට යන්න එපා මූට ඥානය නෑනේ, අපි මූව මගහරිමු” කියලා. මිනිස්සු කුළු හරකෙක්ගේ වේශයෙන් එනවා නම් මගහරින්න තමයි මම බලන්නේ.
ඇයි මගහරින්නේ, ඇමැතිතුමා බයයිද ඥානසාර හාමුදුරුවන්ට?
බය නෙවෙයි. ඇගේ තියෙන ඇදුම හොද නෑ. ඒ ඇදුම ඉවත් කරලා එනවා නම් උස මහත ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. ගොම ගොඩකට පයින් ගැහුවොත් මොකද වෙන්නේ, කකුලෙම ගෑවෙනවානේ. මම ගොම ගොඩවල්වලට පයින් ගහන්නේ නෑ. ඇගේ චීවරය දාගෙන හිටියට වැඩක් නෑ, මට දොස් කියන සමහර අයට ප්රංශයෙත් ගෑනු ඉන්නවා. මෙහෙ රාජගිරියේ ගේකුත් අරන් දුන්නා ඒ ගෑනිට. එයාට මතක් කරගන්න කියනවා එදා වේදිකාව උඩ මොකද වුණේ කියලා. පැනලා දිව්වා. දෙපත් නයා එයා. මම නෙවෙයි. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ එයා හිටියේ වෙන පක්ෂයක. එදා සිවුර ගැලෙව්වා හෝ ගලෝලා පස්සේ මම දන්නේ නැහැ කවුරු ඇන්දුවද කියලා. එයා දන්නවා ඒක. රටේ මිනිස්සුත් දන්නවා. මේ රටේ යුද්ධෙ තිබුණා අවුරුදු 30 ක්. මොන රණවිරුවගේ අතේද එයා එක පිරිත් නූලක් බැන්දේ. මේ කතා කරන මර්වින් සිල්වා ගියා ඒවට. එයා මොනවද කළේ? එයා තමයි දෙපත් නයා. මම හිතන්නේ සංසාර පුරුද්ද කියලා. එයා මිනිස් පවුලට අයිති සාමාජිකයෙක් නම් නෙවෙයි. එයි අම්මා කෙනෙක් මේ ලෝකෙට බිහිකළා නම් චීවරයක් දාගෙන මෙහෙම හැසිරෙන්නේ නෑ.
මේ සංවිධාන ගැන ඇමතිතුමාගේ අදහස එක වාක්‍යකින් කියන්න
බොදුබල සේනා සංවිධානය – බෞද්ධ බලය ඉතා වටිනවා. බෞද්ධ බලයට සේනාවක් ඕනෑ නෑ.
රාවණා බලය සංවිධානය – රාවනා කියන ශ්‍රේෂ්ඨ සිංහල පුරුෂයාගේ නම ඉතා වටිනවා.
ජාතික හෙළ උරුමය – ජාතියට, හෙළයන්ට උරුමයක් තියෙන්න ඕනෑ. උරුමය ගැන යමෙක් පෙනී සිටිනවා නම් එය ඉතා වටිනවා.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය – සාධාරණ සමාජයක් තියෙන්න ඕනා. සාධාරණ සමාජයක් නැති නිසා තමයි මේ අවුල් වියවුල් සේරම. මම මෙය අගය කරනවා.
ආණ්ඩුවේ ඉන්න තරුණ කඩවසම් ඇමතිවරයා කවුද?
මම කැමතිම නාමල් රාජපක්ෂට. මගේ කැමැත්ත ඔහුට විතරයි.
මේ පුද්ගලයන් ගැන එක වාක්‍යයකින් කියන්න
රනිල් වික්‍රමසිංහ – හොද මහත්තයෙක්
අනුර කුමාර දිසානායක – ඉතා දක්ෂ කෙනෙක්
වික්‍රමභාහු කරුණාරත්න – හොද උගතෙක්
මේ කාන්තාවෝ ගැනත් ඒ විදිහටම එක වාක්‍යකින් කියන්න
රෝසි සේනානායක – සුන්දර ලලනාවක්
උපේක්ෂා ස්වර්ණමාලි – නිළියක් හැටියට රටේ නමක් තියෙනවා
අනර්කලී ආකර්ෂා – ඇයටත් නිළියක් විදියට රටේ නමක් තියෙනවා
මාලනී ෆොන්සේකා – ඉතාම ශ්‍රේෂ්ඨ නිළි රැජිණක්
ලංකාවේ ඉතිරිවෙලා ඉන්නේ මේ කාන්තාවෝ හතර දෙනා විතරයි. ඇමතිතුමත් අවිවාහකයි නම් මේ ඉහත නම් කී අයගෙන කාවද විවාහ කරගන්නේ?
නෑ ඉතින් මේ අය මට විවාහ යෝජනා ගෙනාවත් මම කැමතියි නම් විතරනේ බදින්නේ. ඒ අවිවාහක කාලෙත් ඒ අය ගැන මගේ හිතේ තිබුණේ නෑ. තාමත් හිතේ නම් නැහැ. හැබැයි හිතට ආවානම් නොබැද ඉන්නෙත් නෑ.
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment