කඩවසම් හොලිවුඩ් නළුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජෝර්ජ් ක්ලූනි විවාහවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. BBC පුවත් සේවය වාර්තා කරන ආකාරයට 53 හැවිරිදි ක්ලූනි අතිනත ගෙන ඇත්තේ මානව හිමිකම් නීතීඥවරියක වන ‘අමාල් අලමුදීන්’ සමඟයි.
ඔවුන්ගේ විවාහ මංගල උත්සවය වැනීසියේ පිහිටි ‘අමාන්’ නැමති සුඛෝපභෝගී හෝටලයක පවත්වා තිබෙනවා. මෙම හෝටලය වැනීසියේ මහා ඇළ දර්ශනය වන ලෙස පිහිටා ඇති මනස්කාන්ත හෝටලයක්
බවයි පැවසෙන්නේ. මංගල උත්සවයට සහභාගී වීම සදහා නළු නිළියන් රැසක් ඉතාලියේ පිහිටා ඇති මෙම සුන්දර නගරයට පැමිණ තිබෙනවා.
ක්ලූනි සහ තිස් හය හැවිරිදි අලමුදීන් විවාහ ගිවිස ගත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේදීයි. ක්ලූනි ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් කියන අතර අලමුදීන් විකිලීක්ස් හි ජූලියන් අසාන්ජ් වෙනුවෙන්ද් පෙනී සිට ඇති නීතිඥවරියකි.
.
Comments
Post a Comment