ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණියක් සමඟ වසර 06ක ආදර සම්බන්ධතායක් පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ තරුණයකු එම ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාම හේතුවෙන් සිත්තැවුලට පත්ව තරුණියගේ නිවෙසටම පැමිණ වස පානයකොට ඇගේ දෙපා මුල මියයාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.
පොල්වත්ත, මැටියත්ත මාතලේ ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ විපුල කුමාර ඇල්විටගල නමැති 29 හැවිරිදි තරුණයා මෙයට
වසර හයකට ප්‍රථම අනුරාධපුර යසසිපුර පදිංචි නිමානි හිරුණිකා හේමාගමගේ නම් 22 හැවිරිදි තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ෆේස්බුක් ඔස්සේ ගොඩනගාගෙන තිබේ. ගතවූ අවරුදු හයක කාලය තුල එම තරුණියගේ අධ්‍යාපන වියදම් හා අනෙකුත් වියදම් ද දරා ඇත්තේ මෙම තරුණයා විසින් බව වාර්තා වේ.
එම තරුණයාගේ උනන්දුව හා උත්සාහයමත මෙම තරුණියට කැකිරාව නගරයේ ප්‍රධාන පෞද්ගලික බැංකුවක රැකියාවද සොයාදී තිබේ. එම රැකියාවට යාමෙන් අනතුරුව එම තරුණිය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර විපුල සමග ඇති ප්‍රේම සම්බන්ධතාවය නවත්වා තිබේ.
පහතින් දැක්වෙන්නේ හදිසි මරණ පරීක්ෂණයේ දී එම තරුණිය ලබාදුන් සාක්ෂිය වේ.
"2009 වසරේ අන්තර් ජාලයෙන් (Facebook වලින්) මා මියගිය අය හඳුනා ගත්තා. ඉන්පසු අප දෙදෙනාට දෙපාර්ශ්වයේම කැමැත්ත ද ලැබුණා. ඔහු මාස දෙකකට පමණ වරක් මාගේ නිවෙසට ආවා ගියා. මා බැංකු නිලධාරිනියක් වශයෙන් සේවය කරන නිසා සුහද හමුවලට සහ හිතමිතුරන්ගේ සාදවලට සහභාගී වීමට සිදුවුණා. ඔහු ඒ සඳහා මා හට විවිධ තහංචි පනවනු ලැබුවා. අපේ හඳහන් ද නොගැලපීම නිසා මා ආදර සම්බන්ධතාව නැවැත්වූවා.
අගෝස්තු මස 29 වැනිදා 01.45 ට පමණ විපුල කුමාර පයින්ම අපගේ නිවෙසට පැමිණියා. පැමිණ මාත් අම්මාත් සමඟ කතා කළා. නැවත රණ්ඩු කිරීමට අවශ්‍ය නැහැ කියා කිවුවා. අපගේ සම්බන්ධය නොනවත්වන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගෙන ඉන් භාගයක් පානය කර ඉතුරු වතුර ටික ඔලුවේ හලා ගත්තා.
ඉන්පසු දිය නැම සඳහා තුවායක් ද ඉල්ලා ගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තා. ටික වේලාවකින් නාන කාමරයේ වීදුරුවක් කැඩෙන හඩ ඇහුනා. අපි කලබල වී නාන කාමරයේ දොර ඇර බලද්දී ඔහුගේ කට වටේ සුදුපාට පෙන වගේ තිබුණා.
ඔහු මට කතා කර ඔයාගේ දෙපාමුල මැරෙන්න ඕනේ කියා කිවුවා. මම විපුල කුමාරව දෑතින් අල්ලා ගත්තා. අසැල්වැසි වෛද්‍යවරයකු සහ අසැල්වැසියන් සමඟ එක්වී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා."
මියගිය තරුණයා විසින් සිය ප්‍රේමවන්තියට ලියු පිටු 14 කින් යුතු සවිස්තරාත්මක ලිපියක් ද පොලීසිය මඟින් පොලිස් භාරයට ගෙන මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

Comments
Post a Comment