මක්කම යන්න විකුණපු "සමනල දඩයම", "ඇගේ වෛරය" වූ හැටි
ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක විසින් මීට වසර 2කට පමණ පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංග පැහැරගෙන යාමේ පුවතක් මෙයට සති කිහිපයකට පෙර වාර්තා වූ අතර මව්බිම පුවත්පත මගින් පැහැරගෙන යන ලද්දේ චන්දි රණතුංග වෙනුවට වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ චන්ඩි රසිකා බව වැරදි පුවතක් පලකරන ලද්දේය.
මේ හේතුව නිසාවෙන් කාටත් අමතකව තිබූ පැරණි නිල් චිත්‍රපට නිලියක් යලිත් කරළියට පැමිණි තිබේ. "සමනල දඩයම" නම් චිත්‍රපටය "ඇගේ වෛරය" බවට පත්වූ හැටිත් එම චිත්‍රපටය මගින් සුනිල් ටී. මුදල් රැස්කොට ඇයට සුළු මුදලක් ලබා දීම සම්බන්ධව හෙළිකොට තිබුනේ මෙලෙසිනි.
චන්දි ඇගේ වෛරය නිසා සිනමාවෙනුත් සමුගත්තා...?
ඔව්... ඇගේ වෛරය නිසා මම නැත්තටම නැතිවුණා... මගේ ජීවිතේ විනාශ වුණා.
ඇගේ වෛරය ඔබේ නිෂ්පාදනයක්ද...?
මම කළේ ඇගේ වෛරය නෙමෙයි 'සමනල දඩයම' විජය අයියා මාව ගොඩදාන්න හිතාගෙන තමයි ඒ චිත්‍රපටයට රඟපාන්න සම්බන්ධ වුණේ. ඒත් ඔහුට ඒක කරන්න ලැබුණෙ නෑ... ඊට කලින් විජය අයියාට වෙඩි තිබ්බා... ලුවී වැන්ඩස්ටර් එක්ක එකතුවෙලා තමයි මම චිත්‍රපටය කරන්න ගත්තේත්. ලුවීත් අපේ පවුලේ හිතවතෙක්.
පස්සේ ලුවී චිත්‍රපටයෙන් අයින් වෙලා මට අයිතිය දුන්නා. අඩි 10,000 දළ සේයාපටයක ප්‍රමාණයට කරලා තිබුණේ. මගේ මස්සිනා දළ සේයා පටයට සල්ලි දුන්නා. කොහොමහරි චිත්‍රපටය කරගෙන යද්දි මට මුදල් නැතිව හිර වුණා... ඊට පස්සේ ලුවීම එයාගෙ යාළුවෙක් වුණ 'ෆයිසාර් මකින්ට' අස්සන් කරලා චිත්‍රපටයේ අයිතිය දුන්නා. එයාට චිත්‍රපටය ගැන ලොකු දැනුමක් තිබුණෙත් නෑ. ඒ නිසා එයා කිව්වා චිත්‍රපටය රිලීස් වුණාම මගේ වියදම් දෙන්නම් කියලා. මම ඒකට එකඟ වුණා...
'සමනල දඩයම' ඇගේ වෛරය වුණේ කොහොමද?
සමනල දඩයම වැඩ අවසන් කරලා මාධ්‍ය දර්ශනයකුත් තිබුණා. මට මතකයි මාධ්‍යවේදීන් වගේම ඇමැතිවරයකුත් චිත්‍රපටය බලන්න ඇවිත් හිටියා. ඒ චිත්‍රපටය බලපු අය අතර හිටිය තව කෙනෙක් තමයි සුනිල් ටී. කියන්නේ. ඔහු තමයි ඒ හපන්කම කළේ.
සමනල දඩයම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්ද?
නෑ... පොඩි ළමයින්ටත් බලන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්. ඒක කරන්න හේතුව වුණේ කාත්තා දූෂණය පිටුදකින්න. කවදත් මම කාන්තා දූෂණය හෙළා දැකපු කෙනෙක්. සමස්ත කාන්තාවන් වෙනුවෙන් තමයි මම ඒ චිත්‍රපටය කළේ...
එතකොට ලිංගික දර්ශන ඇතුළත් වුණේ කොහොමද?
මම මුලින් කිව්වානේ සුනිල් ටී. චිත්‍රපටය බලන්න ආවා කියලා. ෆයිසර් මක්කම යන්න චිත්‍රපටය සුනිල් ටීට විකුණලා. කොහොම හරි සෝනියා දිසා සමාගම චිත්‍රපටය ඩැහැගත්තා. ඊට පස්සේ අඩුපාඩු හදන්න කියලා මගෙන් ලිඛිත අවසර ඉල්ලුවා... හොයලා බලන්නෙ නැතුව මමත් අවසර දුන්නා...
ඒ අවසරයෙන්ද ලිංගික ජවනිකා චිත්‍රපටයට එකතු වුණේ...?
ඔව්. කාන්තාවන්ගේ නොපෙන්විය යුතු තැනුත් පෙන්නලා තිබුණා. මට කිව්වේ ස්ත්‍රී දූෂණය වෙනකොට කකුල්, පිට පේන්න දර්ශන එකතු කරනවා කියලා... ඒකට වෙන කෙනෙක් ගන්නවා කියලයි කිව්වේ... මම නෙවෙයි නේ. ඒකයි මම අවසර දුන්නේ... ඒත් හරි කැත විදියට එයාලා ඒ අවසරයෙන් කාන්තා නිරුවත ප්‍රදර්ශනය කළා...
ඔබට ඊට විරුද්ධ වෙන්න තිබුණානේ...?
මම දැනගත්තේ පස්සෙනේ... සාක්ෂි නැතුව නීතිය ඉස්සරහට යන්න බෑනේ.
එහෙම තියෙද්දි ඇගේ වෛරය 2ටත් ඔබ සහභාගි වුණා.
ඒක ගිවිසුමක් නේ... මේ චිත්‍රපටයටත් ලිංගික දර්ශන ඇතුළත් කරන්න හදන්නෙ කියලා මට ආරංචි වුණා... මම රඟපාන්න බෑ කිව්වාම නඩු දානවා කිව්වා... අන්තිමට මට හරියට කන්නවත් දුන්නෙ නෑ. හරියට කෙනෙහිලිකම් කළා...
අන්තිමට ඔබ නඩු කිව්වානේ...?
ඔව්... මම නඩු කිව්වේ වන්දි ඉල්ලලා නෙවෙයි. ඒ ලිංගික දර්ශනවල රඟපෑවේ මම නෙමෙයි කියලා ඔප්පු කරන්නයි. චිත්‍රපටය නිෂ්පාදනයට මට ගිය වියදම ලබාගන්නයි. අන්තිමට සාක්ෂි නැතුව නඩුව වීසි වුණා.
සාක්ෂි නෑ කිව්වේ...?
චිත්‍රපට ශාලාවල පෙන්නද්දි තිබුණ ලිංගික දර්ශන උසාවියට යනකොට නෑ... ඉතින් කොහොමද ඔප්පු කරන්නේ?
චිත්‍රපටයට ගිය වියදම හම්බ වුණාද?
සුනිල් ටී තැන් තැන්වල කියනවා මට ලක්ෂ 5ක් දුන්නා කියලා. ඒත් එයාගේ හෘද සාක්ෂියයි, උඩ ඉන්න දෙවියොයි ඒක දන්නවානේ. සුනිල් ටී මට දුන්නේ ලක්ෂ 2ක් විතරයි. ඒත් චිත්‍රපට දෙකේ මගේ රඟපෑම වෙනුවෙන් විතරයි... මම නිෂ්පාදනයට වියදම් කරපු සල්ලි සතයක් දුන්නෙ නෑ. අන්තිමට මට තිබුණු සල්ලිත් නැති වුණා. මම නැත්තටම නැති වුණා... ඒ මදිවට පත්තරයක මම ගැන කැත විදියට ලිපියකුත් දාලා තිබුණා. මගේ ඇඟ වැහැරිලා එල්ලෙනවා... එයාව දැම්මා නම් චිත්‍රපටය දුවන්නෙ නෑ කියලා. ඒක මට කරපු ලොකු අපහාසයක් නේ. මම ඒකටත් නඩු දැම්මා.
ඒ නඩුවට මොකද වුණේ...?
අශෝක සේරසිංහ මහත්මයා තමයි ඒ නඩුව කතා කළේ... මගේ පළවැනි නඩුවත් ඔහු කතා කළා නම් මම දිනනවා... මොකද ඔහුට චිත්‍රපට කර්මාන්තය ගැන අවබෝධයක් තියෙනවා. මගේ පළවැනි නඩුව කතා කරපු නීතිඥ මහත්මයා උගත් බුද්ධිමත් නීතිඥයෙක්. හැබැයි සිනමාව ගැන දැනුමක් නෑනේ... ඒකයි වැරැදුණේ.
දෙවැනි නඩුවට මොකද වුණේ...?
පත්තරේට නඩු දාලා ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන්නත්, කරපු වැරැද්ද නිවැරැදි කරලා ලිපියක් පළකරන්නත් උසාවිය නියෝග කළා. පත්තරේට සිතාසි යවනකොට කර්තෘ මැරිලා. ඒ නිසා ඒ වන්දිය ගන්නත් බැරිවුණා. මගේ කරුමෙ තමයි ඉතින්.
එදා ඉඳන් අද වෙනතුරු චන්දි රඟපෑවෙ නෑ...?
නෑ. විවාහ වුණෙත් නෑ. ඇගේ වෛරය නිසා බඳින්න හිටපු කෙනාත් එක්කත් ප්‍රශ්න ඇති වුණා. සමාජය මං දිහා වපර ඇහින් බැලුවා. ඊට පස්සේ මම විවාහයක් ගැන හිතුවෙත් නෑ. රඟපෑවෙත් නෑ.

Comments
Post a Comment