තායිලන්ත පාසල් සිසුන් සඳහා සකස් කරන ලද ගණිතය පොතක කවරයට යොදා තිබූ කාන්තා රුව කාමුක චිත්‍රපට නිළියකගේ රුවක් බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව තායිලන්තය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙනවා. නමුත් එයට කඩිනමින් මැදිහත්වුන බලධාරීන් විසින් එම පොත වෙළඳෙපාළෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තාවන්නේ.
මෙම පොතෙහි කවරයේ අඩංගු වන්නේ ගුරුවරියකගේ රුවක් වුවත් එය ජපන් ජාතික කාමුක චිත්‍රපට නිළියක වන ‘මානා අඹකි’ යන කාන්තාවගේ බවයි අනාවරණය වුනේ. වාර්තා වන අන්දමට එම ඡායාරූපය කාමුක චිත්‍රපයටකට අදාළව ගත් ඡායාරූපයක් වන අතර එය එම චිත්‍රපටයෙහි ප්‍රචාරක කටයුතු සඳහාම සකස් කරන ලද්දක්ද වනවා.
‘මූලික ගණිතය’ ලෙස නම් කර ඇති මෙම අධ්‍යාපනික පොත ‘මුඅන්ග් තායි බුක් සෙන්ටර්’යන ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කර බෙදාහැර තිබෙනවා. Google හරහා මෙම ඡායාරූපය ඔවුන් මෙම ඡායාරූපය ලබාගත්තේ නොදැනුවත් කමින් බවයි අදාල සමාගම පවසන්නේ.
කෙසේ වෙතත් අධ්‍යාපනයට සෘජුවම සම්භන්ධ මෙවැනි වැරදි නිසා දරුවන් නොමග යන බව තායිලන්ත අධ්‍යපනඥයින් පවසනවා.
.
Comments
Post a Comment