හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තුව නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ දිනයේ කැදවා තිබුණා.
ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.
අදාල නඩුවේ විත්තිකරු වන ඩිල්ෂාන් ඊයේ දිනයේත් අධිකරණයේ පෙනී නොසිටි නිසා ඔහුට මීළඟ අවස්ථාවේදී
එසේ නොකරන ලෙසට අවවාද කරන්නැයි මහේස්ත්රාත්වරයා නීතීඥයින්ට නියෝග කළේය.
මේ නියෝගය කරනු ලැබුවේ ඊයේ එම නඩුව කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ අංක 4 ශාලාවේදී කැඳවූ අවස්ථාවේදීය.
කෙසේ වුවද මීට පෙර ඔහුට අධිකරණය විසින් ලබාදී ඇති රට වෙනුවෙන් ක්රීඩා කරන අවස්ථාවල අධිකරණයේ පෙනී නොසිටීමේ සහනය යොදාගනිමින් ඔහු ඊයේ අධිකරණයට පැමිණ නොසිටියේය.
කෙසේවවුද ඊයේ රට වෙනුවෙන් තරගයක් සඳහා ක්රීඩා නොකරන බැවින් අධිකරණයට පැමිණිය හැකි නිසා මේ නියෝගය කළේය. මේ අතර ඩිල්ෂාන් සිව්වැනි වරටද ඊයේ සිය නීතීඥයා වෙනස් කර තිබිනි.
ඔහුගේ අලුත් නීතීඥයින් මේ නඩුවට සූදානම්වීමට තවත් දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා කියා සිටියේ ඉකුත් වාරයේදී නඩුවට සූදානම්වීමට තුන් මසක කාලයක් ඩිල්ෂාන්ට ලබාදුන් බවත් එබැවින් මීළඟ වාරයේ සිට නඩුව විභාගයට ගන්නා බවයි.
අදාල නීතීඥයින් මේ නඩුව ඇසීමට මහේස්ත්රාත් අධිකරණයට බලයක් නැතැයිද අධිකරණයට දැන්වූ අතර එහිදී මහේස්ත්රාත්වරයා කියා සිටියේ මේ නඩුව වසරකට පමණ ආසන්න කාලයක් මෙම අධිකරණයේ කැඳවා ඇති බැවින් මෙවැනි තර්ක දැන් ගෙනඒම නිශ්ථල බවයි.
මෙම නඩුව ලබන ඔක්තෝබර් 09 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
- http://www.gossipbook.lk -

Comments
Post a Comment