විවාහයෙන් පසු රඟපෑමෙන් ඉවත්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝදා සංදීපනී යළිත් චිත්‍රපට රංගනයට එනබවයි ආරංචි වන්නේ. පබෝදා මෙසේ යළි සිනමාවට එක්වන්නේ වසර දහයකට පෙර මෙරට සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ උදයකාන්ත වර්ණසූරියගේ ‘බහු බූතයෝ’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතයට යළිත් එක්වෙමින්.
.
චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සිය 19 වැනි චිත්‍රපටය ලෙසින් බහුබූතයෝ 2 – ‘ගින්දරී’ තිරයට ගෙන ඒමට සූදානම් වනවා. එදා ‘බහු බූතයෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ පබෝදා සංදීපනී, ‘ලැන්ටි’ගේ චරිතය රගපෑ මහේන්ද්‍ර පෙරේරා ‘බන්ටි’ ලෙස රඟපෑ රොඩ්නි වර්ණකුල සහ ‘චමින්ද’ ලෙස රඟපෑ රිචඩ් මානමුදලි නැවැත ‘ගින්දරී’ චිත්‍රපටය වෙනුවෙන්ද ප්‍රධාන චරිත රඟපාන බවයි පැවසෙන්නේ.
.
‘ගින්දරී’ – බහුබූතයෝ 2 චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනයද උදයකාන්ත වර්ණසූරිය ගෙන් වන අතර ශ්‍රියන්ත මෙන්ඩිස්, ලකී ඩයස්, ඉමාශි ලෝචනා, මැණිකේ අත්තනායක ‘ගින්දරී’හි චිත්‍රපටයේ සෙසු චරිත නිරූපනය කරනවා. සම්මානනීය සිනමා කැමරා ශිල්පී කේ.ඩී. දයානන්ද කැමරාව මෙහෙයවන ‘ගින්දරී’ හි සංගීතය ආනන්ද පෙරේරාගෙන්. ‘ගින්දරී’ රූ ගැන්වීම් කොළඹ සහ අනුරාධපුර ප්‍රදේශවල සැප්තැම්බර් 10දා සිට ආරම්භ වුනා.
Comments
Post a Comment